කතා පියස (All Stories) / හොල්මන් සහ අද්භූත / වැහි කුණාටුවේ සැඟවුණු වියරු ආත්මය - තනියම කියවන්න එපා!
වැහි කුණාටුවේ සැඟවුණු වියරු ආත්මය - තනියම කියවන්න එපා!
හොල්මන් සහ අද්භූත 🏅 Grade A (Popular Story) ✓ සම්පූර්ණ කළ නවකතාවකි (Completed)

වැහි කුණාටුවේ සැඟවුණු වියරු ආත්මය - තනියම කියවන්න එපා!

රචනය: Lahiru Hashan Gunarathne ✍️ නිර්මාණශීලී රචක කොටස් 5 බැලූ අය: 18 කියවූ අය: 13

රෑ 12 පහුවෙලා විනාඩි ගාණක් ගිහින් තිබුණේ. එළියේ කන් බිහිරි කරවන තරම් හයියෙන් අකුණු ගහනවා. මුළු පළාතටම කරන්ට් එක නෑ. මමයි කවිඳුයි හිටියේ අවුරුදු ගාණකින් මිනිස් පුළුටක්වත් ආපු නැති, කැලෑව මැද්දේ තිබුණු පරණ බංගලාවක. එකපාරටම... උඩ තට්ටුවේ අගුළු දාලා තිබුණු කාමරේ ඇතුළෙන් කවුරුහරි බර අඩි තියලා ඇවිදින සද්දයක් ඇහෙන්න ගත්තා. ඒ විතරක් නෙවෙයි, ඒ අඩි සද්දේ පඩිපෙළ දිගේ හෙමින් හෙමින් අපි ඉන්න තැනට පහළට බහිනවා! දුවන්න තැනක් නෑ, එළියට බැස්සොත් නාය යනවා... ඇතුළේ හිටියොත්? ජීවිතේටවත් අමතක නොවන ඒ බිහිසුණු රාත්‍රියේ සිද්ධ වුණේ මොකක්ද කියලා දැනගන්න, හදවත ගැහෙන මේ කතාව අවසානය වෙනකම්ම කියවන්න...

තරු:
Copy Protected

කතා කොටස් තෝරන්න (Chapters • 5)

කොටස 05 කොටස 05

කොටස 05

කොටස 05

✍️ Lahiru Hashan Gunarathne • ⏱️ විනාඩි 4ක කියවීමක් • 👁️ බැලූ අය 3 • 📖 කියවූ අය 2

ඇය පොළොවෙන් මතුවෙලා කෙලින් හිටගත්තා. ඇගේ ඇඟෙන් ආවේ ඉවසන්න බැරි මිනී කුණු ගඳක්. මගේ ෆෝන් එකේ බැටරි බැහැලා ඕෆ් වුණා. දැන් කාමරේට එළිය වැටුණේ ජනේලයෙන් එළියේ කොටන විදුලි එළියෙන් විතරයි. හැම අකුණක් ගහන වාරයක් පාසාම ඇය අපි ළඟට අඩියෙන් අඩිය ළං වෙන හැටි පෙනුණා.

"කවිඳු! ජනේලෙන් පනිමු! වෙන කරන්න දෙයක් නෑ!" මම කෑගැහුවා.

කාමරේ ජනේලයට යකඩ කූරු දාලා තිබුණේ නෑ, මොකද මේක උඩ තට්ටුව නිසා. හැබැයි මෙතනින් පැන්නොත් අඩි පහළොවක් විතර පහළට වැටෙන්නේ. ඒත් මේ යක්ෂණියගේ අතින් මැරෙනවට වඩා ඒක සැපයි කියලා මට හිතුණා.

කවිඳු මේසේ උඩ තිබුණු ලොකු ලී පුටුව උස්සලා ජනේලයේ වීදුරුවට දමලා ගැහුවා. ජරාස්! ගාලා වීදුරුව කුඩු වෙලා ගියා. ඒත් එක්කම අර අවතාරය මහා හයියෙන් කෑගහගෙන කවිඳුගේ ඇඟට පැන්නා.

ඇය කවිඳුගේ බෙල්ලෙන් අල්ලලා බිත්තියට තද කළා. කවිඳුගේ කකුල් දෙක පොළොවෙන් උඩට ඉස්සුණා. එයා හුස්ම ගන්න බැරුව දඟලනවා.

"ස... හ... න්... දු... ව... පන්..." කවිඳු අමාරුවෙන් කෙඳිරුවා.

මගේ හොඳම යාළුවාව දාලා දුවන්න මට පුළුවන්කමක් තිබුණේ නෑ. මම වටපිට බැලුවා. බිම වැටිලා තිබුණේ අර පරණ දිනපොතයි, ඒක ළඟ තිබුණු පරණ භූමිතෙල් ලාම්පුවකුයි, ගිනි පෙට්ටියකුයි. මට එකපාරටම මතක් වුණා දිනපොතේ තිබුණු දේ... "මගේ ඇටකටු මේ කාමරේ තියෙනකම් මට නිදහසක් නෑ..."

මම තත්පරයක්වත් හිතුවේ නෑ. ලාම්පුව අරන් අර ලෑලි ගැලවුණු වළ ඇතුළට (ඇගේ ඇටසැකිල්ල තිබුණු තැනට) භූමිතෙල් ටික හැලුවා. ඊට පස්සේ ගිනි පෙට්ටිය ගහලා ඒ වළට දැම්මා!

බුහ්! ගාලා එකපාරටම ලොකු ගිනි ජාලාවක් වළ ඇතුළෙන් උඩට මතු වුණා.

ඒත් එක්කම කවිඳුගේ බෙල්ල අල්ලගෙන හිටපු අවතාරය, කන් බිහිරි කරවන තරම් වේදනාත්මක විලාපයක් දීගෙන කවිඳුව අතෑරියා. ඇගේ ඇඟටත් ගිනි ඇවිලෙන්න වගේ දුම් දාන්න පටන් ගත්තා. ඇය වියරුවෙන් වගේ කාමරේ වටේ කැරකෙන්න ගත්තා. පරණ ලී බිම නිසා ගින්න ඉක්මනටම කාමරේ පුරා පැතිරෙන්න ගත්තා.

මම බිම වැටිලා හිටපු කවිඳුව වත්තම් කරගෙන කැඩුණු ජනේලය ළඟට ආවා. පහළ බැලුවම පෙනුණේ මඩ වළක්.

"කවිඳු, ඇස් දෙක පියාගෙන පැනපන්!"

මමයි කවිඳුයි දෙන්නම එකටම ජනේලයෙන් එළියට පැන්නා. අපි දෙන්නා ගිහින් වැටුණේ බංගලාව පිටිපස්සේ තිබුණු ලොකු මඩ වළකට. වැටුණු පාරට මගේ උරහිස පුදුම විදිහට රිදුණා, කවිඳුගේ කකුලක් උළුක් වුණා. ඒත් අපි නැවතුණේ නෑ.

අපි මඩ ගාගෙන, කොර ගගහා කාර් එක ළඟට දිව්වා. මම උඩ බැලුවා. උඩ තට්ටුවේ කාමරේ ජනේලයෙන් ලොකු ගිනි දළු පිටවෙනවා. ඒ ගිනි දළු මැද්දේ හිටගෙන, අර ගැහැණු ළමයා අපි දිහා බලාගෙන හිටියා. හැබැයි මේ වතාවේ ඇගේ මූණේ තරහක් තිබුණේ නෑ... ඇය ගින්නෙන් දැවෙන ගමන් අපි දිහා බලාගෙන හෙමින් අතුරුදහන් වෙලා ගියා.

කවිඳු වෙව්ලන අතින් කාර් එක ස්ටාර්ට් කළා. අපි බංගලාවේ ගේට්ටුවත් කඩාගෙන පහළ ගමට ආවේ කොහොමද කියලවත් මට මතක නෑ.

අවසානය: ඉවර නැති භීතියක්...

පහුවදා උදේ වෙද්දි අපි දෙන්නා හිටියේ නුවරඑළියේ ඉස්පිරිතාලේ. ගමේ මිනිස්සුන්ටයි පොලිසියටයි ආරංචි වෙලා තිබුණා රෑ ගහපු අකුණකින් සිල්වර් ඩේල් බංගලාව සම්පූර්ණයෙන්ම ගිනි අරන් විනාශ වුණා කියලා. අපි දෙන්නා ඇත්ත කතාව කාටවත් කියන්න ගියේ නෑ, මොකද කිව්වත් කවුරුත් විශ්වාස කරන්නේ නැති නිසා.

සෝමපාල මාමා ඉස්පිරිතාලෙට ඇවිත් අපිව බලලා ගියා.

"මහත්තයලා පණ පිටින් බේරුණු පළවෙනි දෙන්නා. ඒ පව්කාර ආත්මයටත් දැන්වත් නිදහසක් ලැබෙන්න ඇති..." මාමා කිව්වේ ලොකු සුසුමක් හෙළන ගමන්.

අපි හිතුවේ හැමදේම ඉවරයි කියලා. සතියකට පස්සේ අපි ආපහු කොළඹ ආවා.

හැබැයි... ඊයේ රෑ කොළඹටත් මහා ධාරාණිපාත වැස්සක් වැස්සා. රෑ 12 පහුවෙද්දිම අපේ බෝඩිමේ කරන්ට් එක ගියා. මමයි කවිඳුයි කාමරේට වෙලා කතා කර කර ඉද්දී, කවිඳුගේ ෆෝන් එකට නොදන්නා නම්බර් එකකින් වොයිස් මැසේජ් (Voice Message) එකක් ආවා.

අපි ඒක ප්ලේ කළා.

මුලින්ම ඇහුණේ වැස්ස වැටෙන සද්දෙයි, පරණ ලී පොළොවක කවුරුහරි ඇවිදින 'කිරි... කිරි...' සද්දෙයි විතරයි. ඊට පස්සේ, හීනි ගැහැණු කටහඬක් ෆෝන් එකෙන් ඇහුණා...

"ගින්නෙන් මගේ ඇටකටු පිච්චුණාට... මගේ වෛරය පිච්චුණේ නෑ... මම දැන් ඉන්නේ උඹලගේ දොර ළඟ...!"

ඒත් එක්කම, අපේ බෝඩිමේ කාමරේ දොරට කවුරුහරි හෙමින් තට්ටු කරන සද්දයක් ඇහෙන්න ගත්තා...

ටක්... ටක්... ටක්...

(නිමි)

එහෙනම් ඉතින් පුරා කොටස් පහක් පුරාවට මගේ මේ කතාව කියවන්න ආව මගේ ආදරණීය යාළුවෝ ඔයාලට ගොඩක් ස්තූතියි! කතාව ගැන ඔයාගේ අදහස අනිවාරයෙන්ම කමේන්ට් කරන්න ඒක මට ගොඩක් ලොකු ශක්තියක් වෙනවා කතාව ලියන්න. එහෙනම් ඉතින් තවත් කතාවක් අරගෙන ඉක්මනටම මම එන්නම් සුබ දවසක් මගේ යාළුවෝ හැමෝටම! ජයවේවා!....

✦ ✦ ✦

මෙම කතාව බැලූ සහ කියවූ පාඨකයන් (Readers & Viewers)

කතාව විවෘත කර බැලූ අය (Opened) සහ අවසානය දක්වා කියවූ පාඨකයන් (Completed Reads)

විවෘත කර බැලූ වාර

18

සම්පූර්ණයෙන් කියවූ අය

13

L Lahiru Hashan ✓ කියවූ අයෙකි
ආගන්තුක පාඨකයන් (Guests): බැලූ 7 • කියවූ 3

පාඨක අදහස් සහ ප්‍රතිචාර (0)

ඇගයීම:

තවමත් අදහස් පළ කර නොමැත. පළමු අදහස ඔබ එක් කරන්න!

SinhalaSub App
SinhalaSub App

එක ක්ලික් එකෙන් ෆිල්ම් බලන්න දාගන්න!

SinhalaSub App
Official Web App

SinhalaSub App

වේගවත් Full-Screen සිනමා අත්දැකීම

ඔබගේ iPhone / iPad දුරකථනයට App එකක් ලෙස Install කරගැනීමට පහත පියවර 2 අනුගමනය කරන්න:

1

Safari හි පහළ ඇති Share බොත්තම ඔබන්න.

2

මෙනුවේ පහළට ගොස් "Add to Home Screen" තෝරා Add ඔබන්න!

ඔබගේ දුරකථනයට හෝ පරිගණකයට SinhalaSub App එක Install කරගැනීමට:

Browser එකේ ඉහළ දකුණු කෙළවරේ මෙනුව (⋮) ඔබා "Install App" හෝ "Add to Home screen" තෝරන්න!