කතා පියස (All Stories) / හොල්මන් සහ අද්භූත / වැහි කුණාටුවේ සැඟවුණු වියරු ආත්මය - තනියම කියවන්න එපා!
වැහි කුණාටුවේ සැඟවුණු වියරු ආත්මය - තනියම කියවන්න එපා!
හොල්මන් සහ අද්භූත 🏅 Grade A (Popular Story) ✓ සම්පූර්ණ කළ නවකතාවකි (Completed)

වැහි කුණාටුවේ සැඟවුණු වියරු ආත්මය - තනියම කියවන්න එපා!

රචනය: Lahiru Hashan Gunarathne ✍️ නිර්මාණශීලී රචක කොටස් 5 බැලූ අය: 16 කියවූ අය: 13

රෑ 12 පහුවෙලා විනාඩි ගාණක් ගිහින් තිබුණේ. එළියේ කන් බිහිරි කරවන තරම් හයියෙන් අකුණු ගහනවා. මුළු පළාතටම කරන්ට් එක නෑ. මමයි කවිඳුයි හිටියේ අවුරුදු ගාණකින් මිනිස් පුළුටක්වත් ආපු නැති, කැලෑව මැද්දේ තිබුණු පරණ බංගලාවක. එකපාරටම... උඩ තට්ටුවේ අගුළු දාලා තිබුණු කාමරේ ඇතුළෙන් කවුරුහරි බර අඩි තියලා ඇවිදින සද්දයක් ඇහෙන්න ගත්තා. ඒ විතරක් නෙවෙයි, ඒ අඩි සද්දේ පඩිපෙළ දිගේ හෙමින් හෙමින් අපි ඉන්න තැනට පහළට බහිනවා! දුවන්න තැනක් නෑ, එළියට බැස්සොත් නාය යනවා... ඇතුළේ හිටියොත්? ජීවිතේටවත් අමතක නොවන ඒ බිහිසුණු රාත්‍රියේ සිද්ධ වුණේ මොකක්ද කියලා දැනගන්න, හදවත ගැහෙන මේ කතාව අවසානය වෙනකම්ම කියවන්න...

තරු:
Copy Protected

කතා කොටස් තෝරන්න (Chapters • 5)

කොටස 02 කොටස 02

කොටස 02

කොටස 02

✍️ Lahiru Hashan Gunarathne • ⏱️ විනාඩි 4ක කියවීමක් • 👁️ බැලූ අය 4 • 📖 කියවූ අය 3

මළකඩ කාපු ලොකු යකඩ ගේට්ටුව පහු කරලා අපි බංගලාවේ මිදුලට කාර් එක දැම්මා. අකුණක් ගහපු එළියෙන් මම බංගලාව දැක්කේ එතකොටයි. ඒක ඇත්තටම හොල්මන් ෆිල්ම් එකක තියෙන ගෙයක් වගේමයි. තට්ටු දෙකට හදපු, පරණ ලී සහ ගල් වලින් නිර්මාණය කරපු දැවැන්ත ගොඩනැගිල්ලක්. බිත්ති දිගේ පාසි බැඳිලා, වැල් ජාති උඩටම ගිහින් තිබුණා.

අපි බඩු ටිකත් අරගෙන ඉක්මනට ඉස්තෝප්පුවට දිව්වා. කවිඳු අර ලොකු යතුරෙන් ප්‍රධාන දොර ඇරියා. 'ක්‍රීක්...' කියන හීනි, දිග සද්දෙත් එක්ක දොර ඇරුණා. ගේ ඇතුළෙන් ආවේ පුදුම පුස් ගඳක්. අවුරුදු ගාණකින් ජනේලයක්වත් ඇරලා නැති බව හොඳටම පැහැදිලියි.

කවිඳු බිත්තියේ තිබුණු ස්විච් එකක් දැම්මා. වාසනාවට කරන්ට් එක තිබුණා. හැබැයි පත්තු වුණේ කහ පාට, ගොඩක් අඳුරු බල්බ් එකක් විතරයි.

සාලය ගොඩක් විශාලයි. පරණ තාලේ ලී පුටු සෙටියක්, ලොකු ගිනි උඳුනක් (Fireplace), සහ බිත්තියේ එල්ලපු ගෝන අං තට්ටුවක් තිබුණා. ඉස්සරහින්ම උඩ තට්ටුවට යන්න ලොකු ලී පඩිපෙළක් තිබුණා. පඩිපෙළ මුදුනේ බිත්තියේ ලොකු චිත්‍රයක් එල්ලලා තිබුණා. ඒකේ හිටියේ සුදු පාට ගවුමක් ඇඳගත්තු, හරිම ලස්සන ඒත් දුක්බර මූණක් තියෙන තරුණ ගැහැණු ළමයෙක්.

"අඩෝ සහන්, බලපන්කෝ මේකේ ලස්සන. නියම වින්ටේජ් ලුක් එකක් තියෙන්නේ. වරෙන් අපි පහළ තට්ටුවේ තියෙන කාමරේකට බඩු ටික දාගමු." කවිඳු කිව්වා.

අපි පහළ තට්ටුවේ තිබුණු නිදන කාමරයකට ගියා. ඒකේ ලොකු ඇඳවල් දෙකක් තිබුණා. අපි ගෙනාපු කෑම පාර්සල් දෙක කාලා ඉවර වෙද්දි වෙලාව රෑ 11:45 යි. එළියේ වැස්ස තවත් වැඩි වුණා මිසක් අඩු වුණේ නෑ. හුළඟට ජනෙල් පියන් 'දඩාස්... දඩාස්...' ගාලා බිත්තියේ වදිනවා.

එකපාරටම, කන් බිහිරි කරවන තරම් හයියෙන් අකුණක් ගැහුවා. ඒත් එක්කම බල්බ් එක දෙපාරක් තුන්පාරක් ගැස්සිලා, මුළු පළාතම ගණ අඳුරේ ගිලුණා. කරන්ට් එක ගියා!

"ෂිට්! ඒකත් ගියානේ. ෆෝන් එකේ ටෝච් එක ගහපන් සහන්." කවිඳු කිව්වා.

මම ෆෝන් එකේ ටෝච් එක ගැහුවා. මුළු කාමරේම දැන් තියෙන්නේ අමුතුම මූසල ගතියක්. ඒත් එක්කම අපිට ඇහුණේ මුළු ඇඟේම ලේ ගල් කරවන සද්දයක්.

ටක්... ටක්... ටක්...

ඒ සද්දේ ආවේ හරියටම අපේ ඔළුවට උඩින්, ඒ කියන්නේ උඩ තට්ටුවෙන්! කවුරුහරි බර සපත්තු දෙකක් දාගෙන උඩ තට්ටුවේ ලී පොළොව දිගේ හෙමින් ඇවිදිනවා. ලී පොළොව කිරි කිරි ගාන සද්දේ හොඳටම ඇහෙනවා.

"ක... කවිඳු... උඹට ඇහෙනවද ඒක?" මම ඇහුවේ කෙළ ගිලින ගමන්.

කවිඳුගේ මූණේ තිබුණු හිනාව අතුරුදහන් වෙලා තිබුණා. එයා ඇස් ලොකු කරගෙන සිවිලිම දිහා බලාගෙන හිටියා.

"මීයෙක්... මීයෙක් වෙන්න ඇති බං. නැත්නම් වහලෙට අත්තක් වැටෙන්න ඇති." කවිඳු කිව්වට එයාගේ කටහඬත් වෙව්ලුවා.

"මොන මීයද බං අඩි තියලා ඇවිදින්නේ? අහපන්කෝ... ඒක පඩිපෙළ පැත්තට එනවා!"

ඇත්තටම ඒ අඩි සද්දේ උඩ තට්ටුවේ කොරිඩෝව දිගේ ඇවිත්, පඩිපෙළ ළඟ නතර වුණා. දැන් මුළු ගෙදරම මීයට පිම්බා වගේ නිහඬයි. ඇහෙන්නේ එළියේ වහින සද්දෙයි, අපේ හදවත් ගැහෙන සද්දෙයි විතරයි.

විනාඩියක් විතර ගියා. එකපාරටම, උඩ තට්ටුවේ ඉඳන් පඩිපෙළ දිගේ යමක් පහළට පෙරළිලා එන සද්දයක් ඇහුණා. ගඩගඩගඩ... ටාං!

ඒක හරියට යකඩ බඩුවක් පඩිපෙළ දිගේ පෙරළිලා ඇවිත් සාලේ මැද නතර වුණා වගේ සද්දයක්.

"මොකක්ද යකෝ ඒ? ඉඳපන් මම ගිහින් බලන්නම්. අර සෝමපාලයා අපිව බය කරන්න ගේ ඇතුළට වෙලා මොනවා හරි කරනවද දන්නේ නෑ." කවිඳුට තරහා ගිහින් තිබුණා. එයා කාර් එකේ තිබිලා ගෙනාපු ලොකු ටෝච් එකත් අරගෙන කාමරේ දොර අරින්න හැදුවා.

"එපා කවිඳු! සෝමපාල මාමා කිව්වා නේද රෑ 12න් පස්සේ කාමරෙන් එළියට බහින්න එපා කියලා? දැන් වෙලාව 12:15 යි බං. අපි කාමරේ දොර ලොක් කරගෙන ඉමු." මම කවිඳුගේ අතින් ඇද්දා.

"උඹ බයගුල්ලෙක් වගේ ඉන්නවා නම් හිටපන්. මම ගිහින් බලලා එන්නම්." කවිඳු මගේ අත ගසලා දාලා කාමරේ දොර ඇරගෙන සාලෙට ගියා.

කවිඳුව තනියම යවන්න බැරි නිසා මමත් ෆෝන් එකේ ටෝච් එක ගහගෙන එයාගේ පස්සෙන්ම එළියට ආවා. එහෙනම් මගේ ආදරණිය යාළුවනේ තුන්වෙනි කොටසත් මේ ගැම්මටම කියවන්න කියලා ආරාධනා කරනවා.

✦ ✦ ✦

මෙම කතාව බැලූ සහ කියවූ පාඨකයන් (Readers & Viewers)

කතාව විවෘත කර බැලූ අය (Opened) සහ අවසානය දක්වා කියවූ පාඨකයන් (Completed Reads)

විවෘත කර බැලූ වාර

16

සම්පූර්ණයෙන් කියවූ අය

13

L Lahiru Hashan ✓ කියවූ අයෙකි
ආගන්තුක පාඨකයන් (Guests): බැලූ 5 • කියවූ 3

පාඨක අදහස් සහ ප්‍රතිචාර (0)

ඇගයීම:

තවමත් අදහස් පළ කර නොමැත. පළමු අදහස ඔබ එක් කරන්න!

SinhalaSub App
SinhalaSub App

එක ක්ලික් එකෙන් ෆිල්ම් බලන්න දාගන්න!

SinhalaSub App
Official Web App

SinhalaSub App

වේගවත් Full-Screen සිනමා අත්දැකීම

ඔබගේ iPhone / iPad දුරකථනයට App එකක් ලෙස Install කරගැනීමට පහත පියවර 2 අනුගමනය කරන්න:

1

Safari හි පහළ ඇති Share බොත්තම ඔබන්න.

2

මෙනුවේ පහළට ගොස් "Add to Home Screen" තෝරා Add ඔබන්න!

ඔබගේ දුරකථනයට හෝ පරිගණකයට SinhalaSub App එක Install කරගැනීමට:

Browser එකේ ඉහළ දකුණු කෙළවරේ මෙනුව (⋮) ඔබා "Install App" හෝ "Add to Home screen" තෝරන්න!