කතා පියස (All Stories) / හොල්මන් සහ අද්භූත / වැහි කුණාටුවේ සැඟවුණු වියරු ආත්මය - තනියම කියවන්න එපා!
වැහි කුණාටුවේ සැඟවුණු වියරු ආත්මය - තනියම කියවන්න එපා!
හොල්මන් සහ අද්භූත 🏅 Grade A (Popular Story) ✓ සම්පූර්ණ කළ නවකතාවකි (Completed)

වැහි කුණාටුවේ සැඟවුණු වියරු ආත්මය - තනියම කියවන්න එපා!

රචනය: Lahiru Hashan Gunarathne ✍️ නිර්මාණශීලී රචක කොටස් 5 බැලූ අය: 20 කියවූ අය: 13

රෑ 12 පහුවෙලා විනාඩි ගාණක් ගිහින් තිබුණේ. එළියේ කන් බිහිරි කරවන තරම් හයියෙන් අකුණු ගහනවා. මුළු පළාතටම කරන්ට් එක නෑ. මමයි කවිඳුයි හිටියේ අවුරුදු ගාණකින් මිනිස් පුළුටක්වත් ආපු නැති, කැලෑව මැද්දේ තිබුණු පරණ බංගලාවක. එකපාරටම... උඩ තට්ටුවේ අගුළු දාලා තිබුණු කාමරේ ඇතුළෙන් කවුරුහරි බර අඩි තියලා ඇවිදින සද්දයක් ඇහෙන්න ගත්තා. ඒ විතරක් නෙවෙයි, ඒ අඩි සද්දේ පඩිපෙළ දිගේ හෙමින් හෙමින් අපි ඉන්න තැනට පහළට බහිනවා! දුවන්න තැනක් නෑ, එළියට බැස්සොත් නාය යනවා... ඇතුළේ හිටියොත්? ජීවිතේටවත් අමතක නොවන ඒ බිහිසුණු රාත්‍රියේ සිද්ධ වුණේ මොකක්ද කියලා දැනගන්න, හදවත ගැහෙන මේ කතාව අවසානය වෙනකම්ම කියවන්න...

තරු:
Copy Protected

කතා කොටස් තෝරන්න (Chapters • 5)

කොටස 01 පළමු කොටස

කොටස 01

පළමු කොටස

✍️ Lahiru Hashan Gunarathne • ⏱️ විනාඩි 4ක කියවීමක් • 👁️ බැලූ අය 6 • 📖 කියවූ අය 4

1 වන කොටස: නොසිතූ ගමනක්

මේ සිද්ධිය වෙන්නේ මීට අවුරුදු දෙකකට විතර කලින්. මගේ නම සහන්. මගේ හොඳම යාළුවා තමයි කවිඳු. අපි දෙන්නම කොළඹ පෞද්ගලික ආයතනයක වැඩ කළේ. හැමදාම එකම විදිහට ගෙවෙන ඒකාකාරී ජීවිතෙන් පොඩ්ඩක් මිදිලා, නිදහසේ දවස් දෙක තුනක් ගත කරලා එන්න අපි දෙන්නටම ලොකු උවමනාවක් තිබුණා.

ඔය අතරේ තමයි කවිඳුගේ තාත්තගේ යාළුවෙක්ට අයිති, නුවරඑළිය කිට්ටුව කඳුකර පළාතක තියෙන පරණ තේ වත්තක බංගලාවක් ගැන අපිට ආරංචි වුණේ. ඒක ගොඩක් පරණ, සුද්දන්ගේ කාලේ හදපු ලොකු බංගලාවක්. දැන් නම් ඒ තේ වත්ත පාලුවට ගිහින්. බංගලාව බලාගන්න හිටියේ වයසක මුරකාරයෙක් විතරයි.

"මචං සහන්, සුපිරි ප්ලේස් එකක් සෙට් වුණා. කැලේ මැද්දේ තියෙන්නේ. ෆෝන් සිග්නල්වත් හරියට නෑලු. නියම නිදහසක් ගන්න පුළුවන්. මේ සිකුරාදා රෑම අදිමුද?" කවිඳු මගෙන් ඇහුවේ ලොකු උද්යෝගයකින්.

"අඩෝ මරුනේ බං! හැබැයි ඔය පරණ බංගලාවල හොල්මන් එහෙම ඉන්නවද දන්නේ නෑ හොඳේ..." මම විහිළුවට වගේ කිව්වට, ඒ වචන ටික මගේ කටින් පිටවුණේ ඇයි කියලා මට අදටත් හිතාගන්න බෑ.

"පිස්සුද බං, මේ විසිඑක්වෙනි සියවසේ මොන හොල්මන්ද? වරෙන් යන්න, මම ඔක්කොම ලෑස්ති කරා." කවිඳු හිනාවෙවී කිව්වා.

කොහොම හරි සිකුරාදා හවස වැඩ ඇරිලා අපි දෙන්නා කවිඳුගේ කාර් එකෙන්ම ගමන පිටත් වුණා. කොළඹින් පිටත් වෙද්දිම හවස 6 පහුවෙලා. අපි හිතුවට වඩා පාරවල්වල ට්‍රැෆික් එක තිබුණා. ඒ මදිවට කඳුකර පළාතට ඇතුළු වෙද්දිම මහා ධාරාණිපාත වැස්සක් පටන් ගත්තා. මීදුම කොච්චර තදට තිබුණද කියනවා නම්, කාර් එකේ හෙඩ්ලයිට් එළියටවත් අඩි දහයක් දොළහක් ඉස්සරහ පෙනුණේ නෑ.

"කවිඳු, අපි යන පාර හරිද බං? ගූගල් මැප් එකත් පිස්සු කෙලිනවා වගේ." මම ඇහුවේ ෆෝන් එකේ ස්ක්‍රීන් එක දිහා බලාගෙන. සිග්නල් කණුවක්වත් තිබුණේ නෑ.

"ඔව් බං, අර තාත්තගේ යාළුවා කිව්වේ මේ පාරේ කෙළවරටම ගියාම තියෙන යකඩ ගේට්ටුවෙන් ඇතුළට දාන්න කියලා. තව ටික දුරයි ඇත්තේ." කවිඳු ස්ටියරින් වීල් එක තදින් අල්ලගෙන ඉස්සරහට නැවිලා පාර බලන ගමන් කිව්වා.

වෙලාව රෑ 10:30 පහුවෙලා. පාර දෙපැත්තෙම තිබුණේ මහා රූස්ස ගස්. වැස්සත් එක්ක හමාගෙන ආපු හුළඟට ඒ ගස් පැද්දෙනකොට මැවුණේ හරිම භයානක චිත්‍රයක්. එකපාරටම කාර් එකේ ඉස්සරහට පැනපු වයසක මනුස්සයෙක් අත් දෙක වනලා කාර් එක නවත්තන්න කියලා සංඥා කළා.

"බුදු අම්මෝ!" කවිඳු එකපාරටම බ්‍රේක් පෑගුවා. කාර් එක මඩ වළක ලිස්සලා ගිහින් යන්තම් නතර වුණා.

වැහි කබායක් පොරවගත්තු, අතේ පරණ ලන්තෑරුමක් තියාගත්තු වයසක මනුස්සයෙක් කාර් එකේ වීදුරුව ළඟට ආවා. එයාගේ මූණේ තිබුණේ පුදුම බයක්. කවිඳු වීදුරුව පාත් කළා.

"මාමා... මේ 'සිල්වර් ඩේල්' බංගලාවට යන පාර නේද? අපි කොළඹ ඉඳන් ආවේ. මුරකාර සෝමපාල මාමා කියන්නේ ඔයාටද?" කවිඳු ඇහුවා.

ඒ මනුස්සයා ලන්තෑරුම උස්සලා අපි දෙන්නගේ මූණු දිහා හොඳට බැලුවා.

"ඔව් මහත්තයෝ, මම තමයි සෝමපාල. ඒත්... ඒත් මහත්තයලා අද රෑ මේ බංගලාවේ ඉන්න එපා! කරුණාකරලා ආපහු හැරිලා යන්න." සෝමපාල මාමා කිව්වේ වෙව්ලන කටහඬින්.

මමයි කවිඳුයි මූණට මූණ බලාගත්තා.

"මොකක්ද මාමේ ඒ කතාවේ තේරුම? මේ මහ රෑ, මේ කුණාටුව අස්සේ අපි කොහේ යන්නද? අනික අපි බංගලාවේ අයිතිකාර මහත්තයාගෙන් අවසර අරගෙනයි ආවේ." මම ටිකක් සැරෙන් වගේ කිව්වා.

"මහත්තයලාට තේරෙන්නේ නෑ... අද අමාවක දවසක්. ඒ මදිවට මේ මහ වැස්ස... 'ඇය' අද රෑට ඇහැරෙනවා. මම මේ පණ බේරගන්න පහළ ගමට දුවන ගමන්. මහත්තයලත් ජීවිතේට ආදරයක් තියෙනවා නම් මාත් එක්කම පහළට යමු!" සෝමපාල මාමා වැඳගෙන වගේ කිව්වා.

කවිඳු හයියෙන් හිනා වුණා. "අනේ මාමේ, මාමා මේ ගංජා ගහලද කොහෙද? ඔය හොල්මන් කතා ගිහින් පොඩි ළමයින්ට කියන්න. කෝ, අපිට බංගලාවේ යතුර දීලා මාමා යන දිහාක යන්න."

සෝමපාල මාමා ලොකු හුස්මක් පිට කළා. එයාගේ ඇස්වල තිබුණේ අනුකම්පාවක්ද නැත්නම් බයක්ද කියලා මට තේරුණේ නෑ. එයා සාක්කුවෙන් ලොකු පිත්තල යතුරු කැරැල්ලක් අරන් කවිඳුගේ අතට දුන්නා.

"හොඳයි මහත්තයෝ... මම කිව්වා කියලා මතක තියාගන්න. මොනම හේතුවක් නිසාවත් උඩ තට්ටුවේ කෙළවරේම තියෙන කාමරේ දොර අරින්න එපා. රෑ 12න් පස්සේ කවුරු කතා කළත් කාමරෙන් එළියට බහින්න එපා! බුදු සරණයි මහත්තයලාට!"

එහෙම කියපු සෝමපාල මාමා ආපහු හැරිලාවත් බලන්නේ නැතුව මීදුම අස්සෙන් පහළට දුවගෙන ගියා.

"පිස්සු නාකියෙක් බං. බංගලාවේ අපි නැවතුනාම එයාට නිදහසේ බොන්න බැරිවෙයි කියලා බොරු බයක් මවනවා ඇති." කවිඳු එහෙම කියලා කාර් එක ඉස්සරහට ගත්තා. ඒත් මගේ හිතට නම් මොකක්දෝ අමුතු බයක් දැනෙන්න පටන් අරන් තිබුණේ. ඉතින් එහෙනම් යාළුවනේ දෙවනි කොටසත් කියවන්න කියලා ආරාධනා කරනවා.

✦ ✦ ✦

මෙම කතාව බැලූ සහ කියවූ පාඨකයන් (Readers & Viewers)

කතාව විවෘත කර බැලූ අය (Opened) සහ අවසානය දක්වා කියවූ පාඨකයන් (Completed Reads)

විවෘත කර බැලූ වාර

20

සම්පූර්ණයෙන් කියවූ අය

13

L Lahiru Hashan ✓ කියවූ අයෙකි
ආගන්තුක පාඨකයන් (Guests): බැලූ 9 • කියවූ 3

පාඨක අදහස් සහ ප්‍රතිචාර (0)

ඇගයීම:

තවමත් අදහස් පළ කර නොමැත. පළමු අදහස ඔබ එක් කරන්න!

SinhalaSub App
SinhalaSub App

එක ක්ලික් එකෙන් ෆිල්ම් බලන්න දාගන්න!

SinhalaSub App
Official Web App

SinhalaSub App

වේගවත් Full-Screen සිනමා අත්දැකීම

ඔබගේ iPhone / iPad දුරකථනයට App එකක් ලෙස Install කරගැනීමට පහත පියවර 2 අනුගමනය කරන්න:

1

Safari හි පහළ ඇති Share බොත්තම ඔබන්න.

2

මෙනුවේ පහළට ගොස් "Add to Home Screen" තෝරා Add ඔබන්න!

ඔබගේ දුරකථනයට හෝ පරිගණකයට SinhalaSub App එක Install කරගැනීමට:

Browser එකේ ඉහළ දකුණු කෙළවරේ මෙනුව (⋮) ඔබා "Install App" හෝ "Add to Home screen" තෝරන්න!