1
00:00:00,200 --> 00:00:08,200
32 වන උපසිරැසි නිර්මාණය
♥ - ♥ - උපසිරැසි ගැන්වීම ලහිරු හෂාන් - ♥ - ♥
© w w w . s i n h a l a s u b t i t l e s . c c
2
00:00:08,400 --> 00:00:16,400
සිංහල උපසිරැසි ඩවුන්ලෝඩ් කරගන්න තියෙන හොඳම තැන
♥♥♥ w w w . s i n h a l a s u b t i t l e s . c c ♥♥♥
3
00:00:16,709 --> 00:00:18,179
මම බය වෙන්නේ...
4
00:00:19,879 --> 00:00:21,409
මගේ ආදරවන්තියට දැනෙන දුක ගැනයි...
5
00:00:23,279 --> 00:00:24,919
එයා මගේ මරණය ගැන දැනගත්තම.
6
00:00:26,819 --> 00:00:28,339
මේ වළලු හැමදාම...
7
00:00:28,419 --> 00:00:30,419
මොන වගේ තත්වයක් වුණත් අපිව එකට තියයි.
8
00:00:31,089 --> 00:00:34,359
මේක විවාහයට කලින් ඔයාගේ ආදරවන්තයාගෙන් ලැබුණු සිහිවටනයක් කියලා හිතන්න.
9
00:01:40,189 --> 00:01:42,789
ඇයි ඔයා මාව මැරුවේ නැත්තේ?
10
00:01:43,959 --> 00:01:47,069
මේක මට කරන අපහාසයක්. දැන්ම මාව මරලා දාන්න!
11
00:01:50,169 --> 00:01:51,639
මම මින් පස්සේ...
12
00:01:53,409 --> 00:01:55,809
තව කෙනෙක්ගේ ජීවිතයක් ගන්න මගේ කඩුව පාවිච්චි කරන්නේ නෑ.
13
00:01:58,779 --> 00:02:00,209
මම පොරොන්දු වුණා.
14
00:02:48,829 --> 00:02:51,129
ඒ දෙන්නා වෙන් වෙන්න නියමිත වෙලා තිබුණේ නෑ,
15
00:02:53,099 --> 00:02:55,699
ඒ නිසා ඉරයි හඳයි එකතු වුණු ඒ මොහොතේම,
16
00:02:56,069 --> 00:02:58,089
දෛවයේ වළල්ල හාස්කමක් කළා.
17
00:02:58,169 --> 00:02:59,989
(දෛවයේ වළල්ල හාස්කමක් කළා.)
18
00:03:00,069 --> 00:03:00,990
(12 වෙනි කොටස)
19
00:03:01,070 --> 00:03:05,039
(අලුත් ලෝකයකට)
20
00:03:14,889 --> 00:03:16,609
අපි ප්රධාන රාජ්ය උපදේශකව අයින් කළා,
21
00:03:16,689 --> 00:03:18,679
හැබැයි රජකම අත්හැරීම සම්පූර්ණ වෙනකම්,
22
00:03:18,759 --> 00:03:20,989
අපි විරුද්ධවාදීන් ගැන දිගටම අවධානයෙන් ඉන්න ඕනේ.
23
00:03:21,789 --> 00:03:22,789
ඔයා කියන්නේ...
24
00:03:23,359 --> 00:03:25,149
අපි අපේ හමුදාව කැඳවන්න ඕනේ කියලද?
25
00:03:25,229 --> 00:03:28,049
ඒක මගේ අදහසක් නෙවෙයි. ඒක ලී කියු මැතිතුමාගේ අදහසක්.
26
00:03:28,129 --> 00:03:31,239
අපිට ඕන දේ ලැබුණට පස්සෙත් තවත් ලේ හලන එක...
27
00:03:31,539 --> 00:03:34,269
අපිවත් අවුරුදු දහයකට කලින් හිටපු රජතුමා වගේම කරයි.
28
00:03:35,209 --> 00:03:36,269
අපේ ලොකුම අරමුණ වුණේ...
29
00:03:36,579 --> 00:03:39,329
අලුත් ලෝකයක් හදන එක නේද?
30
00:03:39,409 --> 00:03:41,609
ඔය වගේ භයානක කතා කියන්න එපා.
31
00:03:42,179 --> 00:03:44,779
මේක හැඟීම්බර වෙන්න වෙලාව නෙවෙයි.
32
00:03:45,249 --> 00:03:48,289
ලී කියු මැතිතුමා කිව්වා වගේ අපි මේ විරුද්ධවාදීන්ව මුලින්ම නතර කරන්න ඕනේ.
33
00:03:49,719 --> 00:03:51,819
අපොයි...
34
00:03:52,919 --> 00:03:55,689
විශේෂ උපදේශක කාර්යාලයේ කථිකාචාර්ය ජුන්ග් සූ කියුම්,
35
00:03:56,059 --> 00:03:57,849
කොන්ෆියුසියස් විද්වතුන් සහ ආයතන තුනේ නිලධාරීන්...
36
00:03:57,929 --> 00:03:59,799
රජතුමාගේ නිදන කාමරයට ගියා.
37
00:04:00,499 --> 00:04:01,499
කවුද?
38
00:04:01,829 --> 00:04:04,899
ජුන්ග් සූ කියුම් කියලද කිව්වේ?
39
00:04:06,639 --> 00:04:07,869
රජතුමනි!
40
00:04:08,169 --> 00:04:10,979
රජකම අත්හැරීමේ නියෝගය ඉල්ලා අස්කර ගන්න!
41
00:04:13,209 --> 00:04:16,329
රජතුමනි, දූෂිත මිනිස්සුන්ට ඕනේ ඔබතුමා රජකම අත්හරිනවට...
42
00:04:16,409 --> 00:04:19,319
එතකොට ඒ අයට ආණ්ඩුවේ බලය ගන්න පුළුවන්.
43
00:04:19,579 --> 00:04:23,759
ලී කියුගේ යටි අරමුණ ගැන ඔබතුමා ඇස් පියාගෙන ඉන්නේ ඇයි?
44
00:04:24,089 --> 00:04:26,459
කරුණාකරලා අපේ ඉල්ලීමට ඇහුම්කන් දෙන්න!
45
00:04:26,959 --> 00:04:29,999
- කරුණාකරලා අපේ ඉල්ලීමට ඇහුම්කන් දෙන්න!\n- කරුණාකරලා අපේ ඉල්ලීමට ඇහුම්කන් දෙන්න!
46
00:04:46,509 --> 00:04:47,509
මොකක්ද මේ...
47
00:04:55,949 --> 00:04:57,019
එයාව අල්ලගන්න!
48
00:05:34,259 --> 00:05:36,259
ඔයාගේ මේ හිතුවක්කාර තීරණය...
49
00:05:36,999 --> 00:05:39,729
ඔයාගේ මරණය ඉක්මන් කරනවා විතරයි.
50
00:05:46,499 --> 00:05:48,669
සමුගන්නවා සුන් චෙක්, ඇත්තටම මේ අවසන් වතාවටයි.
51
00:06:41,259 --> 00:06:42,329
ඒ ලී බුන් මැතිතුමා.
52
00:06:45,329 --> 00:06:46,769
අර මෝඩයව අල්ලගන්න.
53
00:06:49,769 --> 00:06:51,139
මම කිව්වේ එයාව අල්ලගන්න කියලා!
54
00:06:57,479 --> 00:06:58,979
ඔයාගේ ජීවිතේ වටිනවා නම්,
55
00:06:59,509 --> 00:07:01,649
කඩුව බිම දාලා පස්සට වෙන්න!
56
00:08:03,609 --> 00:08:04,839
ලී බුන්.
57
00:08:05,739 --> 00:08:07,179
ඔයා කොහොමද බේරුණේ?
58
00:08:18,189 --> 00:08:19,619
මොන හයියක්ද...
59
00:08:20,389 --> 00:08:22,629
තමුසෙලා වගේ මැරයෝ මාලිගාවට ඇතුල් වෙන්න?
60
00:08:22,889 --> 00:08:24,759
රජතුමාට විරුද්ධ වෙන අයව...
61
00:08:25,399 --> 00:08:27,269
දැන්ම මරලා දාන්න ඕනේ.
62
00:08:32,299 --> 00:08:33,299
ඒකද...
63
00:08:34,709 --> 00:08:36,439
ඇත්තටම මේ රජතුමාගේ නියෝගයක්ද?
64
00:08:39,209 --> 00:08:41,379
තුවාල වෙන්න ඕන නැත්නම් පස්සට වෙන්න.
65
00:08:45,249 --> 00:08:46,449
නවතින්න!
66
00:08:57,659 --> 00:08:59,529
ඔබට කරදරයක් නැද්ද ස්වාමීනි?
67
00:08:59,729 --> 00:09:00,869
ඔයා කොහොමද මෙහෙ...
68
00:09:01,029 --> 00:09:02,499
මට ලී උතුමාණන්ගෙන් නියෝග ලැබිලා තියෙන්නේ.
69
00:09:02,669 --> 00:09:03,769
ලී උතුමාණෝ...
70
00:09:04,139 --> 00:09:05,299
ආපහු ඇවිත්.
71
00:09:06,569 --> 00:09:07,669
එයා ඇවිල්ලද?
72
00:09:19,679 --> 00:09:21,719
ඇයි එයා එන්න මෙච්චර පරක්කු වෙන්නේ?
73
00:09:26,019 --> 00:09:27,959
මට පොඩ්ඩකට එළියට යන්න වෙනවා.
74
00:09:29,329 --> 00:09:31,359
ලී කියු උතුමාණෝ දැන්ම මෙහේ එයි.
75
00:09:31,899 --> 00:09:33,249
ඔයා කොහේද යන්නේ?
76
00:09:33,329 --> 00:09:35,629
ඔයාගේ පුතා කරදරේ වැටිලා කියලා ඔයාට ආරංචි වුණානේ.
77
00:09:36,399 --> 00:09:38,439
ඔයා එයාට උදව් කරන්න යන්නේ නැහැ නේද?
78
00:09:40,439 --> 00:09:43,009
ඔයාට ඔයාගේ පුතාව පාලනය කරගන්න බැරි වුණා.
79
00:09:43,779 --> 00:09:46,879
ලී කියු උතුමාණන්ට මේක ආරංචි වුණොත්, එයාට අනිවාර්යයෙන්ම ජීවිතෙන් වන්දි ගෙවන්න වෙයි,
80
00:09:47,179 --> 00:09:48,969
ඒක ඔයාගේ පුතා වුණත්.
81
00:09:49,049 --> 00:09:50,549
ආයෙත් ඒක කියන්න බලන්න!
82
00:09:50,819 --> 00:09:51,819
ස්වාමීනි.
83
00:09:54,289 --> 00:09:55,319
එයා ඇවිත්.
84
00:10:00,589 --> 00:10:02,089
ඔය ද්රෝහීන් හැමෝවම අත්අඩංගුවට ගන්න!
85
00:10:14,839 --> 00:10:15,839
ඔයාට පින් සිද්ධ වෙන්න,
86
00:10:16,569 --> 00:10:18,879
මම දේශසීමාවේ කාලය සතුටින් ගත කළා.
87
00:10:19,609 --> 00:10:20,909
මොන විකාරයක්ද ඒ?
88
00:10:21,009 --> 00:10:22,449
ඔයා කිව්වේ නැද්ද...
89
00:10:23,149 --> 00:10:25,479
හතුරන්ට වුණත් ගෞරවයෙන් සලකන්න ඕන කියලා?
90
00:10:28,189 --> 00:10:30,359
ඔයා මට සමච්චල් කරනවද?
91
00:10:35,659 --> 00:10:36,829
මට දැන් දැනෙන්නේ නැහැ...
92
00:10:37,359 --> 00:10:39,559
ඔයා ගැන කිසිම වරදකාරී හැඟීමක්,
93
00:10:40,299 --> 00:10:41,499
ඉස්සර තිබුණු අනුකම්පාවත්...
94
00:10:42,269 --> 00:10:43,329
දැන් නැති වෙලා.
95
00:10:46,739 --> 00:10:47,909
මෙහාට එන්න!
96
00:10:53,379 --> 00:10:55,979
මේ ද්රෝහියාව අරන් යන්න!
97
00:10:56,179 --> 00:10:57,219
- එහෙමයි ලී උතුමාණනි. - එහෙමයි ලී උතුමාණනි.
98
00:10:57,919 --> 00:10:59,919
මාව අතහරින්න.
99
00:11:00,149 --> 00:11:02,689
මගේ ඇඟට අත තියන්න එපා. කොහොමද ඔයාට මෙහෙම කරන්න හිතුණේ?
100
00:11:03,319 --> 00:11:04,779
ලී බුන්, ඔයා...
101
00:11:04,859 --> 00:11:07,179
අතහරින්න. මාව අතහරින්න!
102
00:11:07,259 --> 00:11:09,729
මාව අතහරින්න.
103
00:11:09,959 --> 00:11:12,629
එපා! මාව අතහරින්න!
104
00:11:21,509 --> 00:11:22,639
ලී උතුමාණනි.
105
00:11:30,849 --> 00:11:32,819
මේ ඇත්තටම ඔයාද?
106
00:11:34,419 --> 00:11:35,919
මම හීනයක්වත් දකිනවද?
107
00:11:44,129 --> 00:11:45,359
මට වෙන කරන්න දෙයක් නැති හැඩයි...
108
00:11:46,729 --> 00:11:48,199
දැන් හාස්කම් විශ්වාස කරනවා ඇරෙන්න.
109
00:11:48,629 --> 00:11:50,339
මම දැනගෙන හිටියා ඔයා ආපහු එයි කියලා.
110
00:11:52,769 --> 00:11:54,909
ජීවතුන් අතර ඉන්නවට ස්තූතියි.
111
00:12:02,849 --> 00:12:05,519
ඇයි මෙච්චර පරක්කු වුණේ?
112
00:12:10,819 --> 00:12:13,929
ප්රධාන නළුවා ඉක්මනටම ආවොත් ඒකේ කිසිම ගතියක් නැහැනේ.
113
00:12:33,409 --> 00:12:35,229
තාත්තේ, අම්මේ!
114
00:12:35,309 --> 00:12:36,769
- සන් චෙක්. - සන් චෙක්!
115
00:12:36,849 --> 00:12:38,269
- සන් චෙක්! - සහෝදරවරුනි.
116
00:12:38,349 --> 00:12:39,369
- සන් චෙක්! - අපි හිතුවේ...
117
00:12:39,449 --> 00:12:40,519
ආයෙත් කවදාවත් ඔයාව දකින්න ලැබෙන එකක් නැහැ කියලා.
118
00:12:41,319 --> 00:12:43,049
දැන් අපේ ජීවිත බේරෙයි.
119
00:12:43,219 --> 00:12:44,319
දෙවියනේ.
120
00:12:47,229 --> 00:12:48,729
ඔයාලට මේ දේවල් වලට මුහුණ දෙන්න වුණ එක ගැන මට කණගාටුයි...
121
00:12:48,889 --> 00:12:50,459
මා වගේ තාත්තෙක් ලැබුණු නිසා.
122
00:12:53,329 --> 00:12:54,429
ස්තූතියි.
123
00:12:55,029 --> 00:12:56,299
ඒක අමාරු වුණා කියලා මම දන්නවා.
124
00:12:57,069 --> 00:12:58,269
ඔයාට සනීපද?
125
00:12:58,869 --> 00:13:01,039
මට ගොඩක් සතුටුයි වගේම හරිම උද්යෝගිමත්...
126
00:13:01,439 --> 00:13:02,739
හැමෝම අනතුරක් නැතුව ඉන්නවා දැකීම ගැන.
127
00:13:03,569 --> 00:13:06,359
අපි දැන් ඇත්තටම එකම පවුලක් වෙලා.
128
00:13:06,439 --> 00:13:07,749
ඕක නවත්තන්න.
129
00:13:10,779 --> 00:13:11,949
ඔයා ගෙදර යන්න ඕනේ.
130
00:13:12,279 --> 00:13:13,719
- එන්න. - තාත්තේ.
131
00:13:14,689 --> 00:13:15,889
දෙයියනේ. අපි ඉක්මන් කරමු.
132
00:13:19,189 --> 00:13:21,029
මුලින්ම ගෙදර ගිහින් මම එනකල් එහේ ඉන්න.
133
00:13:21,189 --> 00:13:22,829
ඔයා කොහේද යන්න හදන්නේ?
134
00:13:23,259 --> 00:13:24,399
මට යන්න තැනක් තියෙනවා.
135
00:13:27,099 --> 00:13:28,169
මම මේකට තිත තියන්න ඕනේ.
136
00:13:41,309 --> 00:13:42,309
රජතුමනි.
137
00:13:44,219 --> 00:13:45,519
රාජකීය වෛද්යවරයාව කැඳවන්න!
138
00:13:56,559 --> 00:13:57,759
එයාට සනීප වෙයිද?
139
00:13:59,459 --> 00:14:00,629
වෙලා...
140
00:14:01,169 --> 00:14:03,499
ගොඩක් කාලයක් විෂ අගිල් දුම වැදුණු නිසා,
141
00:14:03,939 --> 00:14:07,369
එයාට සම්පූර්ණයෙන්ම සනීප වෙන්න කල් යයි.
142
00:14:10,479 --> 00:14:11,479
රජතුමනි.
143
00:14:14,449 --> 00:14:15,809
ඔයාට ඇහැරුණාද?
144
00:14:19,419 --> 00:14:22,649
මම ඇහුවා ඔයා මැරුණා කියලා.
145
00:14:24,389 --> 00:14:25,919
ඔයා ආත්මයක් වෙලාද ආවේ?
146
00:14:26,359 --> 00:14:29,129
මම ආවේ මාව හොයාගෙන ආපු මරණය එක්ක සටන් කරලා.
147
00:14:34,629 --> 00:14:36,769
නෑ, මම ඔයාව විශ්වාස කරන්නේ නෑ.
148
00:14:37,669 --> 00:14:39,869
ඔයා මං ගැන හිතේ තියාගෙන හිටපු වෛරය...
149
00:14:40,299 --> 00:14:42,069
ගොඩක් කාලෙක ඉඳලා...
150
00:14:42,309 --> 00:14:45,839
මරණයෙන් පස්සෙත් මාව හොයාගෙන එන්න ඔයාව පෙළඹෙව්වා.
151
00:14:45,939 --> 00:14:47,149
තමුසේ!
152
00:14:47,979 --> 00:14:49,049
රජතුමනි.
153
00:14:58,389 --> 00:15:00,419
- රජතුමනි. - රජතුමනි.
154
00:15:01,189 --> 00:15:02,189
රජතුමනි.
155
00:15:07,569 --> 00:15:08,699
කරුණාකරලා සන්සුන් වෙන්න, රජතුමනි.
156
00:15:11,369 --> 00:15:12,439
මට සමා වෙන්න.
157
00:15:13,039 --> 00:15:14,139
මම ඔයාට වැරැද්දක් කළා.
158
00:15:14,939 --> 00:15:16,469
මම කරපු දේට මට සමා වෙන්න.
159
00:15:16,939 --> 00:15:19,079
මම...
160
00:15:21,149 --> 00:15:24,319
මම ඔයාගේ තාත්තගේ ජීවිතය ගත්තා...
161
00:15:25,449 --> 00:15:26,819
ඒ වගේම ඔයාට බල කළා...
162
00:15:28,049 --> 00:15:30,149
ඔයාගේ අත් ලේ වලින් කිලිටි කරගන්න.
163
00:15:31,359 --> 00:15:32,459
මට සමා වෙන්න.
164
00:15:33,089 --> 00:15:36,029
කරුණාකරලා මේ එක පාරකට විතරක් මගේ ජීවිතේ බේරන්න.
165
00:15:36,429 --> 00:15:40,429
කරුණාකරලා... කරුණාකරලා මේ එක පාරකට විතරක් මගේ ජීවිතේ බේරන්න.
166
00:15:41,429 --> 00:15:42,629
බන්...
167
00:15:43,499 --> 00:15:45,239
කරුණාකරලා මගේ තාත්තගේ ජීවිතේ බේරන්න.
168
00:15:46,339 --> 00:15:48,209
මාමා කියන ඕනෑම දෙයක් මම කරන්නම්.
169
00:15:48,839 --> 00:15:51,709
කරුණාකරලා. කරුණාකරලා මේ එක පාරකට එයාගේ ජීවිතේ බේරන්න.
170
00:15:52,509 --> 00:15:54,749
කරුණාකරලා මේ එක පාරකට විතරක් මගේ ජීවිතේ බේරන්න, බන්.
171
00:15:55,709 --> 00:15:56,749
මේ එක පාරකට විතරක්.
172
00:15:57,649 --> 00:15:59,279
කරුණාකරලා මේ එක පාරකට විතරක් මගේ ජීවිතේ බේරන්න.
173
00:16:00,019 --> 00:16:01,689
කරුණාකරලා...
174
00:16:16,699 --> 00:16:18,299
ඔයා මේ කොහේ හදිස්සියේ යන්නද හදන්නේ?
175
00:16:18,999 --> 00:16:21,509
ඔයා මේ පැනලා යන්න හදනවා නෙවෙයි නේද?
176
00:16:26,779 --> 00:16:27,929
ඔයා මේ මොනවද කියවන්නේ?
177
00:16:28,009 --> 00:16:29,449
හරියට ඔයා දන්නේ නෑ වගේ.
178
00:16:40,489 --> 00:16:41,449
ඇයව අල්ලගන්න.
179
00:16:41,529 --> 00:16:42,529
- එහෙමයි ස්වාමීනි. - එහෙමයි ස්වාමීනි.
180
00:16:44,399 --> 00:16:46,079
නෑ, මාව අතහරින්න.
181
00:16:46,159 --> 00:16:48,769
මාව අතහරින්න!
182
00:16:49,099 --> 00:16:51,539
දෝ හ්වා සුන්!
183
00:16:51,699 --> 00:16:54,839
මාව අතහරින්න. මම කිසිම වැරැද්දක් කළේ නැහැ.
184
00:16:55,209 --> 00:16:56,339
අතහරින්න!
185
00:16:57,279 --> 00:16:58,409
දෝ හ්වා සුන්!
186
00:16:58,509 --> 00:17:00,179
අන්තිම මොහොත වෙනකම්ම, එයා මට මගේ නමින්මයි කතා කරන්නේ.
187
00:17:01,179 --> 00:17:02,209
බායි!
188
00:17:02,609 --> 00:17:03,949
මාව අතහරින්න!
189
00:17:13,059 --> 00:17:15,489
මොකක් හරි ලොකු වැරැද්දක් තියෙනවා කියලා පැහැදිලියි.
190
00:17:15,989 --> 00:17:17,899
මෙතන මොකක් හරි වැරදි වැටහීමක් වෙලා ඇති.
191
00:17:18,899 --> 00:17:22,269
කරුණාකරලා මට ලී කියු උතුමාණන්ට කතා කරලා දෙන්න!
192
00:17:44,619 --> 00:17:45,819
මොකද...
193
00:17:46,489 --> 00:17:48,259
මගේ හිතේ තිබුණු පරණ තරහක් නිසා,
194
00:17:49,189 --> 00:17:51,559
මම කවදාවත් රජතුමා දිහා හොඳ විදිහකට බැලුවේ නැහැ.
195
00:17:53,459 --> 00:17:56,029
මිනිස්සු මාව වැඩකට නැති මහලු කෙනෙක් විදිහට දකින්න පුළුවන්,
196
00:17:57,569 --> 00:17:59,669
හැබැයි මාලිගාවේ ආයෙත් සිද්ධ වෙන මේ ලේ වැගිරීම්...
197
00:18:00,239 --> 00:18:02,809
මට කියනවා මම තීරණයක් ගන්න ඕනේ කියලා.
198
00:18:05,939 --> 00:18:07,749
මේ අස්ථාවර රට වෙනුවෙන්...
199
00:18:09,209 --> 00:18:11,649
වගේම අසරණ වෙලා ඉන්න රජතුමා වෙනුවෙන්...
200
00:18:18,019 --> 00:18:21,089
ඔබ ඉදිරියට එන්න ඕනේ.
201
00:18:22,129 --> 00:18:23,859
මම ඔබට ඕනෑම බලයකින් උදව් කරනවා...
202
00:18:24,229 --> 00:18:25,759
වගේම ඔබට අවශ්ය ඕනෑම අධිකාරියක් මම ලබා දෙනවා.
203
00:18:50,019 --> 00:18:52,759
මට පුළුවන්ද අපි යාළුවෝ වෙමුද කියලා අහන්න?
204
00:18:53,189 --> 00:18:54,729
මම කැමතියි නිතරම ඔයා එක්ක කාලය ගත කරන්න.
205
00:18:55,589 --> 00:18:57,229
මේක හරියට හීනයක් වගේ.
206
00:18:57,859 --> 00:18:59,529
මට දැන් යාළුවෙක් ඉන්නවා කියලා හිතද්දී.
207
00:19:20,949 --> 00:19:23,049
ඉක්මනට ඔයාට කියන්න තියෙන දේ කියන්න.
208
00:19:24,559 --> 00:19:26,259
ගොඩක් කාලෙක ඉඳන්,
209
00:19:28,659 --> 00:19:29,959
මම ඔයාට කැමැත්තෙන් හිටියේ.
210
00:19:31,429 --> 00:19:32,599
කොහොම වුණත්,
211
00:19:33,829 --> 00:19:35,899
ඔයා තමයි ඒ දිදුලන ප්රධාන නිළිය වුණේ.
212
00:19:38,899 --> 00:19:41,209
මගේ ජීවිතේ කවුරුත් නැහැ කියලා හිතපු වෙලාවේ,
213
00:19:42,509 --> 00:19:44,109
මට නියම යාළුවෙක් හම්බුණා.
214
00:19:48,549 --> 00:19:49,679
මම සතුටින් හිටියේ.
215
00:19:51,379 --> 00:19:54,519
මාව නපුරු කෙනෙක් විදිහට පෙන්වන්න ඔයා ලොකු උත්සාහයක් ගන්නවා වගේ මට පේනවා.
216
00:20:00,059 --> 00:20:01,989
ඒක ඔයාගේ ප්රශ්නයක්, සන් චෙක් ආර්යාව.
217
00:20:02,989 --> 00:20:04,149
ඔයා හිතන්නේ ඔයාගේ හැඟීම් ගැන විතරයි,
218
00:20:04,229 --> 00:20:05,499
අනිත් අය ගැන හිතන්නේ නැතුව.
219
00:20:06,959 --> 00:20:08,029
ඔයා හරි.
220
00:20:08,729 --> 00:20:10,369
මෝඩයෙක් වගේ,
221
00:20:11,239 --> 00:20:13,569
ඔයාට මගේ යාළුවෙක් වෙන්න ඕනේ කියලා මම ඇත්තටම විශ්වාස කළා.
222
00:20:15,269 --> 00:20:16,409
ඒකෙන් මම සතුටු වුණා.
223
00:20:17,839 --> 00:20:20,609
මම මගේ හිතේ තිබුණු දේවල් ඔයාට ඇරෙන්න වෙන කාටවත් කිව්වේ නැහැ...
224
00:20:22,209 --> 00:20:23,809
ඒ වගේම මම අනවශ්ය විදිහට මැදිහත් වුණා.
225
00:20:26,449 --> 00:20:27,489
හැබැයි...
226
00:20:29,419 --> 00:20:31,059
ඒකෙන් මාව ගිලෙන්නත් ගියා.
227
00:20:33,459 --> 00:20:35,689
මම හිතුවේ අපරාධකාරයා වෙන කෙනෙක් කියලා.
228
00:20:38,829 --> 00:20:41,469
හැබැයි මාව පැහැරගෙන ගිහින් මරන්නත් හැදුවා.
229
00:20:41,699 --> 00:20:44,069
ඒත් ඔයා පුදුම විදිහට හැම වෙලාවකම බේරුණා.
230
00:20:48,869 --> 00:20:50,139
කවදා ඉඳන්ද?
231
00:20:50,739 --> 00:20:52,239
ඔයා කවදා ඉඳන්ද වෙනස් වුණේ?
232
00:20:53,739 --> 00:20:55,379
ඔයා කලින් මෙහෙම නැහැ.
233
00:20:56,609 --> 00:20:58,549
මම වෙනස් වුණේ නැහැ.
234
00:20:59,819 --> 00:21:01,749
මම හැමදාම හිටියේ මෙහෙමයි.
235
00:21:03,219 --> 00:21:04,909
මම මගේ ක්රමය විතරයි වෙනස් කළේ...
236
00:21:04,989 --> 00:21:06,719
ඔයා මගේ ජීවිතේට ඇඟිලි ගහන්න ගත්තට පස්සේ.
237
00:21:09,359 --> 00:21:10,959
කෙටියෙන් කිව්වොත්, වැරැද්ද මගේ.
238
00:21:14,269 --> 00:21:15,269
මට සමා වෙන්න...
239
00:21:16,329 --> 00:21:17,969
මම ඔයාගේ කතාවේ කොටසක් වුණාට.
240
00:21:21,609 --> 00:21:23,569
හැබැයි මොනම හේතුවක් නිසාවත්...
241
00:21:24,109 --> 00:21:26,279
ඔයා අනිත් අයට රිද්දන්න තිබුණේ නැහැ.
242
00:21:27,709 --> 00:21:28,849
ඔයාට තිබුණේ...
243
00:21:29,449 --> 00:21:31,699
කරපු වැරදි පිළිඅරගෙන දැන්වත් මේක නවත්තන්න. කරුණාකරලා.
244
00:21:31,779 --> 00:21:33,619
මම ඇයි නවත්තන්න ඕනේ?
245
00:21:35,289 --> 00:21:37,169
හැමදේම ලැබිලා ඔයා හිනාවෙලා ඉන්නවා බලන් ඉන්න එක...
246
00:21:37,249 --> 00:21:38,519
මට බොහොම අමාරුවෙන් ලැබුණු දේවල්,
247
00:21:39,759 --> 00:21:41,089
නියම සැලසුමක් තිබිලත්.
248
00:21:42,959 --> 00:21:44,819
ඒක කොච්චර දුකක්ද කියලා ඔයාට හිතාගන්න පුළුවන්ද?
249
00:21:44,899 --> 00:21:45,899
නැහැ.
250
00:21:46,199 --> 00:21:48,799
මට කිසිම දෙයක් ලේසියෙන් ලැබුණේ නැහැ.
251
00:21:49,099 --> 00:21:50,419
ඔයා හිතන්නේ ඔයා විතරයි කියලාද...
252
00:21:50,499 --> 00:21:52,199
අසරණ වෙලා ඉන්නේ, අනිත් අයට හැමදේම ලේසියෙන් ලැබෙනවා කියලාද?
253
00:21:53,169 --> 00:21:54,589
මට බණ කියන්න එන්න එපා.
254
00:21:54,669 --> 00:21:55,859
අනුන්ගේ ජීවිත ගැන ඉරිසියා කරන...
255
00:21:55,939 --> 00:21:57,339
ඒ වගේම අයට රිද්දන කෙනෙක්ට...
256
00:21:59,239 --> 00:22:01,109
ප්රධාන චරිතයක් වෙන්න කිසිම සුදුසුකමක් නැහැ.
257
00:22:05,219 --> 00:22:07,989
ඔයාට ආදරේ කරන අය ආයෙත් කවදාවත්...
258
00:22:08,889 --> 00:22:10,349
ඔයාට උදව් කරන්නේ නැහැ.
259
00:22:23,199 --> 00:22:24,269
අර කලින් ඉඳලම...
260
00:22:25,569 --> 00:22:26,969
කලින් ඉඳලම...
261
00:22:28,409 --> 00:22:30,669
ඔයා මේ මොන විකාරයක්ද කියවන්නේ?
262
00:22:32,579 --> 00:22:34,629
මගේ බෙල්ල මිරිකලා හරි මාව මරලා දාන්න!
263
00:22:34,709 --> 00:22:36,649
මේක ඉවරයක් කරලා දාන්න!
264
00:23:04,797 --> 00:23:06,297
ඔයා මොනවද බලාපොරොත්තු වුණේ කියලා ඇත්ත කියන්න...
265
00:23:07,197 --> 00:23:09,867
මේ කළු කල්ලිය හදලා!
266
00:23:10,897 --> 00:23:12,267
"කළු කල්ලිය?"
267
00:23:13,307 --> 00:23:14,637
ඔයා මේ මොනවද කියවන්නේ?
268
00:23:15,467 --> 00:23:17,437
රජතුමාව විහිළුවකට අරගෙන රැවට්ටුවේ...
269
00:23:18,037 --> 00:23:20,107
ලී උතුමාණෙනි, ඒ ඔබ නේද?
270
00:23:32,787 --> 00:23:35,087
ඔබ කුලියට ගත්ත මනුස්සයා කරුණාවන්ත වුණා...
271
00:23:36,557 --> 00:23:38,057
හැමදේම පාපොච්චාරණය කරන්න.
272
00:23:38,597 --> 00:23:39,597
උතුමාණෙනි.
273
00:23:40,827 --> 00:23:41,827
මට සමාවෙන්න.
274
00:23:42,527 --> 00:23:43,667
මම එයාව අඳුරන්නේ නැහැ.
275
00:23:44,367 --> 00:23:45,367
උතුමාණෙනි?
276
00:23:46,167 --> 00:23:47,367
දැන් ඉතින් ඇති.
277
00:23:48,267 --> 00:23:51,027
මගේ පිට වරද පටවලා ඔයා මොනවද බලාපොරොත්තු වෙන්නේ?
278
00:23:51,107 --> 00:23:53,827
ඔයාගේ ලොකු අරමුණ වෙනුවෙන් කැපවුණු මනුස්සයාව අතහැරලා දානවා නේද.
279
00:23:53,907 --> 00:23:56,477
මගෙන් ප්රශ්න කරන්න ඔයාට තියෙන අයිතිය මොකක්ද?
280
00:23:57,647 --> 00:23:59,347
මමයි එයාට ඒ බලය දුන්නේ.
281
00:24:18,837 --> 00:24:21,367
එතකොට මේකද හේතුව ඔයාලා මාව...
282
00:24:22,667 --> 00:24:23,777
අන්ධ කරලා බහිර කරලා තියාගත්තේ.
283
00:24:24,937 --> 00:24:26,877
අවුරුදු ගාණක් තිස්සේ, ඔයාලා...
284
00:24:27,647 --> 00:24:30,147
ලොකු කෑදරකමක් හිතේ හංගගෙන ඉඳලා තියෙනවා...
285
00:24:30,617 --> 00:24:31,617
හරියටම...
286
00:24:32,347 --> 00:24:34,117
මගේ ළඟම ඉඳගෙන!
287
00:24:38,017 --> 00:24:39,017
ඉදින්...
288
00:24:39,517 --> 00:24:41,727
දැන් ඔයාගේ වැරදි පිළිගත්තොත්,
289
00:24:43,127 --> 00:24:45,097
පළවෙනි වතාවට වගේම අන්තිම වතාවට,
290
00:24:46,697 --> 00:24:48,327
මම අඩුම තරමේ ඔයාගේ ජීවිතයවත් ඉතුරු කරන්නම්.
291
00:24:49,597 --> 00:24:50,837
මම...
292
00:24:51,837 --> 00:24:54,207
ඔයාගේ වැරදිවලට ඔයාගේ දරුවන්ට දඬුවම් කරන්නේ නැහැ.
293
00:24:59,947 --> 00:25:00,947
රජතුමනි.
294
00:25:01,877 --> 00:25:03,877
ලී කියු උතුමාණෝ මාව රවට්ටලා...
295
00:25:04,147 --> 00:25:06,347
කවදාවත් සමාව දෙන්න බැරි වරදක් කරවගත්තා.
296
00:25:07,217 --> 00:25:08,647
කරුණාකරලා මාව මරලා දාන්න.
297
00:25:09,887 --> 00:25:11,317
මමත් මෝඩයෙක් වුණා...
298
00:25:11,717 --> 00:25:13,957
මේ අසාධාරණ වැඩේට හවුල් වෙලා.
299
00:25:14,987 --> 00:25:16,487
ප්රධාන රාජ්ය මන්ත්රීතුමාගේ ද්රෝහීකම...
300
00:25:17,057 --> 00:25:19,697
ඒකත් ලී කියු උතුමාණෝ හදපු බොරුවක්.
301
00:25:19,997 --> 00:25:21,227
එයා කියන එක හරි.
302
00:25:21,867 --> 00:25:23,567
එයාට ඕන වුණේ උදුරගන්න...
303
00:25:24,197 --> 00:25:27,207
රජතුමාගේ ඇස්, කන්, අත් සහ පාද වගේ.
304
00:25:28,067 --> 00:25:30,307
කරුණාකරලා මාව මරන්න.
305
00:25:30,877 --> 00:25:33,507
- කරුණාකරලා මාව මරන්න.
- කරුණාකරලා මාව මරන්න.
306
00:25:34,277 --> 00:25:35,277
ඒක...
307
00:25:35,947 --> 00:25:37,977
ඔයාලා හැමෝවම මරලා දැම්මත් මදි...
308
00:25:39,177 --> 00:25:41,017
මුළු පවුලම විනාශ කරලා දැම්මත් මදි.
309
00:25:42,517 --> 00:25:43,987
දැන් මේක පිටිපස්සේ ඉන්න කෙනාව හොයාගත්ත නිසා,
310
00:25:45,017 --> 00:25:46,457
මම මගේ පොරොන්දුව රකිනවා.
311
00:25:47,127 --> 00:25:48,127
ඒත්,
312
00:25:48,927 --> 00:25:50,897
මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න එපා...
313
00:25:52,097 --> 00:25:53,527
ඔයාගේ ජීවිතය බේරෙනවා ඇරෙන්න.
314
00:25:54,627 --> 00:25:56,227
සමාවක් නම් ලැබෙන්නේ නැහැ.
315
00:26:00,207 --> 00:26:01,537
කොච්චර නින්දිතද.
316
00:26:03,307 --> 00:26:05,537
සමාව දෙන්න ඔයා කවුද!
317
00:26:07,147 --> 00:26:09,377
තමුන්ගේම පවුලේ අයව මරලා ගත්ත ඔය සිංහාසනයේ ඉඳගෙන...
318
00:26:10,577 --> 00:26:12,377
බුද්ධිමත් රජෙක් වෙන්නද හැදුවේ?
319
00:26:13,987 --> 00:26:15,587
තමුන් රජෙක් නෙවෙයි.
320
00:26:16,547 --> 00:26:18,137
තමුන් තිරිසනෙක් විතරයි!
321
00:26:18,217 --> 00:26:20,127
මොන හයියක්ද තමුසෙට!
322
00:26:26,697 --> 00:26:27,697
තමුසේ...
323
00:26:31,537 --> 00:26:32,537
මෙයාගේ ඔළුව.
324
00:26:33,137 --> 00:26:34,737
දැන්ම මෙයාගේ ඔළුව අරන් එන්න.
325
00:26:35,337 --> 00:26:36,337
දැන්ම ඒක කරන්න.
326
00:26:40,707 --> 00:26:41,707
මොකක්ද ඔය බලන් ඉන්නේ?
327
00:26:47,547 --> 00:26:48,547
මට...
328
00:26:49,347 --> 00:26:50,787
ඒ අණට කීකරු වෙන්න බැහැ, රජතුමනි.
329
00:26:51,987 --> 00:26:52,987
මොකක් කිව්වා?
330
00:26:53,557 --> 00:26:56,927
කරුණාකරලා ආයෙත් ඒ වැරැද්දම කරන්න එපා.
331
00:26:58,697 --> 00:27:00,927
කෙනෙක්ගේ හැටි කවදාවත් වෙනස් වෙන්නේ නැහැ.
332
00:27:01,267 --> 00:27:03,867
තිරිසනෙකුටත් වඩා අන්ත මනුස්සයෙක්ගෙන් සමාව ගන්නද?
333
00:27:04,497 --> 00:27:06,967
ඒක ඕනම කෙනෙකුට හිනා යන වැඩක්.
334
00:27:16,647 --> 00:27:19,137
මූ නම්... මම...
335
00:27:19,217 --> 00:27:21,137
නවතින්න, රජතුමනි!
336
00:27:21,217 --> 00:27:22,717
දැන්ම අහකට වෙන්න!
337
00:27:23,187 --> 00:27:25,707
අහකට වෙන්න! මම මූව මරනවා...
338
00:27:25,787 --> 00:27:27,357
තමුන් කවදා හරි හිතේ නිදහසින් හිටියද...
339
00:27:29,057 --> 00:27:31,197
ඔය විදිහට ගත්ත සිංහාසනය උඩ?
340
00:27:36,767 --> 00:27:38,637
එක පාරක් ලේ වලින් තැවරුණු දෙයක්...
341
00:27:39,037 --> 00:27:42,207
ආයෙත් තිබුණ විදිහටම කරන්න බැහැ. ඒක මම ඕනම කෙනෙකුට වඩා හොඳට දන්නවා.
342
00:27:45,207 --> 00:27:46,907
කෙනෙක් කොච්චර උත්සාහ කළත්,
343
00:27:47,677 --> 00:27:49,977
ඒකෙන් ගැලවෙන්න බැහැ.
344
00:27:54,117 --> 00:27:55,347
ඒක...
345
00:27:56,347 --> 00:27:58,057
ආයෙත් ඔයා පස්සෙන් පන්නගෙන ඒවි, රජතුමනි.
346
00:28:05,457 --> 00:28:06,457
කරුණාකරලා...
347
00:28:06,827 --> 00:28:08,467
මේ බර දැන් ඉවර කරන්න.
348
00:28:09,527 --> 00:28:11,337
ඉස්සරහට වෙන්න තියෙන දේවල් ගැන හිතන්න, රජතුමනි.
349
00:28:13,167 --> 00:28:16,607
එක දවසකට හරි ඔයාට සැනසීමෙන් නිදාගන්න ලැබෙන්න කියලා මම ප්රාර්ථනා කරනවා.
350
00:28:38,827 --> 00:28:40,057
ඉතිරි අයව.
351
00:28:41,967 --> 00:28:43,497
ඔයාට කැමති විදිහකට එයාලව අයින් කරලා දාන්න.
352
00:28:56,947 --> 00:28:58,217
ඔයා කොහේද යන්නේ?
353
00:28:59,577 --> 00:29:01,417
මම කතා කරලා ඉවර නැහැ!
354
00:29:01,517 --> 00:29:02,587
මොන හයියක්ද තමුසෙට!
355
00:29:03,047 --> 00:29:04,357
අර මනුස්සයා...
356
00:29:04,687 --> 00:29:06,517
මම මූව කෑලි කෑලි වලට ඉරනවා...
357
00:29:06,987 --> 00:29:09,127
මාව අතහරින්න. අතහරින්න!
358
00:29:09,327 --> 00:29:10,557
ඔතනම නවතින්න!
359
00:29:10,727 --> 00:29:13,467
මට මූව පුළුවන් තරම් දරුණු විදිහට මරන්න ඕනේ.
360
00:29:14,797 --> 00:29:16,267
දැන් ඔක්කොම ඉවරයි.
361
00:29:17,397 --> 00:29:18,437
ඔයාට ඕනෙද...
362
00:29:18,937 --> 00:29:21,437
ඔය මෝඩයාගේ බල්ලෙක් වගේ මුළු ජීවිත කාලෙම ඉන්න?
363
00:29:22,467 --> 00:29:23,537
ඒක තමයි...
364
00:29:24,577 --> 00:29:26,007
මම ගත්ත තීරණය.
365
00:29:27,977 --> 00:29:29,677
දැන් ඔයාට වන්දි ගෙවන්න කාලය හරි...
366
00:29:30,947 --> 00:29:32,177
ඔයා ගත්ත තීරණයට.
367
00:29:33,717 --> 00:29:34,887
මේක අසාධාරණයි.
368
00:29:36,287 --> 00:29:38,617
ලෝකය මට මෙච්චර දරුණු වෙන්නේ කොහොමද?
369
00:29:39,157 --> 00:29:41,907
මම තොපි හැමෝවම මරනවා!
370
00:29:41,987 --> 00:29:43,517
මාව අතාරින්න!
371
00:29:43,597 --> 00:29:44,757
මෝඩයෝ!
372
00:29:47,327 --> 00:29:48,248
අතාරින්න.
373
00:29:48,328 --> 00:29:49,967
තොපි හැමෝම...
374
00:30:17,197 --> 00:30:18,627
දිගටම යන්න.
375
00:30:20,497 --> 00:30:22,227
මාව මෙහෙන් අරන් යන්න!
376
00:30:25,367 --> 00:30:26,667
කවුරුහරි මට කිව්වා...
377
00:30:27,867 --> 00:30:28,937
පළිගැනීම කියන්නේ...
378
00:30:30,207 --> 00:30:32,477
තමන්ගේ ජීවිතය වෙනස් කරගන්න බැරි අයට කියලා.
379
00:30:35,477 --> 00:30:38,747
ඒක ඇත්ත නම්, ඔයාට අවස්ථාවක් තියෙනවා.
380
00:30:40,347 --> 00:30:42,887
ඔයාගේ ජීවිතය වෙනස් කරගන්න අවස්ථාවක්.
381
00:30:46,687 --> 00:30:47,857
මට ඕන වුණේ...
382
00:30:49,727 --> 00:30:51,157
ඒක ඔයාට කියන්න.
383
00:31:12,247 --> 00:31:13,447
පොඩ්ඩක් ඉන්න.
384
00:31:16,647 --> 00:31:18,317
මට පණිවිඩයක් දෙන්න තියෙනවා.
385
00:31:22,957 --> 00:31:26,327
මගේ පණිවිඩයක් ලී කියුට දෙන්න.
386
00:31:29,597 --> 00:31:31,497
"ඔයා ඇයි වෛර කරන්නේ කියලා මට තේරෙනවා."
387
00:31:32,897 --> 00:31:34,967
"හැබැයි ඒ වගේ කෙනෙක් වෙන්න එපා..."
388
00:31:35,667 --> 00:31:37,077
"ඔයා පිළිකුල් කරන, වෛර කරන කෙනෙක් වගේ."
389
00:31:38,337 --> 00:31:41,547
ඔයාට අතීතයෙන් මිදෙන්න පුළුවන් වෙයි කියලා මම ප්රාර්ථනා කරනවා...
390
00:31:41,877 --> 00:31:43,617
අලුත් ජීවිතයක් පටන් ගන්න.
391
00:31:46,377 --> 00:31:48,287
මගේ අවංකකම ඔයාට තේරෙයි කියලා මම හිතනවා.
392
00:31:52,057 --> 00:31:54,587
ඔය අවංකකම ඔයාගේ නෙවෙයි. මට ඒක කියන්න පුළුවන්.
393
00:31:56,327 --> 00:31:57,497
"ගුමේන්ජුසාන්."
394
00:31:58,527 --> 00:32:00,467
මම ඒක ඔයාට කිව්වේ නැහැ.
395
00:32:02,297 --> 00:32:03,867
ඔයා ඒක මට කිව්වා.
396
00:32:06,537 --> 00:32:08,807
මාත් එක්ක කතා කරන්න ඔයාව එවපු කෙනාට මේක කියන්න.
397
00:32:11,007 --> 00:32:12,637
මම මෙහෙම පරදින්නේ නැහැ.
398
00:32:14,447 --> 00:32:16,107
මම ආයෙත් එනවා.
399
00:32:18,377 --> 00:32:19,377
එච්චරයි.
400
00:32:52,347 --> 00:32:53,717
අද හරිම ලස්සන දවසක්,
401
00:32:54,187 --> 00:32:55,317
සන් චෙක් ආර්යාව.
402
00:33:11,967 --> 00:33:13,907
ඔයා හැසිරුණේ නවකතාවේ නියම රසිකයෙක් වගේ.
403
00:33:14,437 --> 00:33:15,437
ඔයාට හොඳයි.
404
00:33:15,937 --> 00:33:17,537
මට අවස්ථාවක් දුන්නට ස්තූතියි.
405
00:33:18,507 --> 00:33:19,737
ඔයා ඇත්තටම...
406
00:33:20,237 --> 00:33:22,177
මේ ලෝකේ නතර වුණ එක ගැන පසුතැවෙන්නේ නැද්ද?
407
00:33:23,817 --> 00:33:25,347
නවකතාව ඉවර වුණත්?
408
00:33:26,317 --> 00:33:27,917
මේ ලෝකය විනාශ වුණත්?
409
00:33:39,787 --> 00:33:47,787
32 වන උපසිරැසි නිර්මාණය
♥ - ♥ - උපසිරැසි ගැන්වීම ලහිරු හෂාන් - ♥ - ♥
© w w w . s i n h a l a s u b t i t l e s . c c
410
00:33:47,987 --> 00:33:55,987
සිංහල උපසිරැසි ඩවුන්ලෝඩ් කරගන්න තියෙන හොඳම තැන
♥♥♥ w w w . s i n h a l a s u b t i t l e s . c c ♥♥♥
411
00:34:07,857 --> 00:34:08,927
ඔයා මොකද හිතන්නේ?
412
00:34:09,687 --> 00:34:10,857
ඔයා මේකට කැමතිද?
413
00:34:13,627 --> 00:34:17,097
හෝ සුන් ඩෑන්ග් වලට වසන්තය ඇවිත් වගේ, මගේ බිරිඳ.
414
00:34:18,967 --> 00:34:20,737
ඇයි ඔයා ඔහොම කතා කරන්නේ?
415
00:34:21,607 --> 00:34:23,807
මට "බිරිඳ" කියලා කතා කරන්නේ ඇයි?
416
00:34:24,277 --> 00:34:25,737
ඒ නම...
417
00:34:27,977 --> 00:34:31,147
මම ඒකට ගොඩක් ආසයි.
418
00:34:31,517 --> 00:34:32,547
මගේ ස්වාමියා.
419
00:34:42,757 --> 00:34:44,827
වසන්තය එන්න කලින් අපි කසාද බඳින්න ඕනේ.
420
00:34:45,327 --> 00:34:46,827
- අපි, කසාද බඳිනවා?\n- ඔව්?
421
00:34:47,667 --> 00:34:49,467
අපි හැමෝටම දැනගන්න කියන්න ඕනේ...
422
00:34:49,797 --> 00:34:51,067
අපි නිල වශයෙන් විවාහ වුණා කියලා.
423
00:34:51,397 --> 00:34:52,657
අපි ඉක්මන් කළොත්...
424
00:34:52,737 --> 00:34:54,037
නැහැ, ඉන්න.
425
00:34:54,867 --> 00:34:56,707
ඔයාට හිතෙන්නේ නැද්ද...
426
00:34:56,967 --> 00:34:59,277
අපිට වෙඩින් එක පස්සට දාන්න පුළුවන් කියලා?
427
00:35:00,407 --> 00:35:01,907
මොකක් හරි ප්රශ්නයක්ද?
428
00:35:03,077 --> 00:35:04,147
අවසානය.
429
00:35:05,377 --> 00:35:06,717
කතාව ඉවර වුණාම,
430
00:35:07,617 --> 00:35:09,117
හැමදේම ඉවර වෙලා යයි.
431
00:35:11,117 --> 00:35:12,387
ඇත්තටම,
432
00:35:13,887 --> 00:35:16,007
මට ඔයාට කියන්න බැරි වුණ දෙයක් තියෙනවා.
433
00:35:16,087 --> 00:35:17,827
ඔයා හොරෙන් පෙම්වතෙක්ව හංගගෙන ඉන්නවද?
434
00:35:18,297 --> 00:35:20,827
නැත්නම් මම දන්නේ නැති දරුවෙක් ඉන්නවද?
435
00:35:21,697 --> 00:35:23,327
මට ඒක වැඩක් නෑ.
436
00:35:23,527 --> 00:35:25,937
නෑ, ඒක නෙවෙයි.
437
00:35:30,037 --> 00:35:32,037
මේක විශ්වාස කරන්න හරිම අමාරුයි.
438
00:35:44,517 --> 00:35:46,187
මොකක්ද ඒ, තාත්තේ?
439
00:36:00,567 --> 00:36:03,737
ඔයා කරපු දේට දැන් ඔයාට පසුතැවෙන්න වෙයි, තාත්තේ.
440
00:36:05,377 --> 00:36:07,037
කොන්ද කෙලින් තියාගෙන වාඩි වෙන්න.
441
00:36:09,977 --> 00:36:10,967
අම්මෝ.
442
00:36:11,047 --> 00:36:13,317
තාත්තේ. හිත එකඟ කරගන්න.
443
00:36:15,147 --> 00:36:18,157
මගේ කොන්ද රිදෙනවා කියලා ඔයා දන්නේ නැද්ද?
444
00:36:18,917 --> 00:36:20,257
ඔයාත්...
445
00:36:21,357 --> 00:36:23,357
තද නිශ්ශබ්දතාවයකින් භාවනා කරන්න ඕනේ.
446
00:36:24,957 --> 00:36:26,897
ඔයා මට හරිම සැරයිනේ.
447
00:36:28,027 --> 00:36:29,697
ඔයා හිතන්නේ මට ඒක කාගෙන් ලැබුණා කියලද?
448
00:36:30,967 --> 00:36:33,907
ඔයාගේ අවධානය ගිලිහුණා, ඒ නිසා අපි ආයෙත් මුල ඉඳන් පටන් ගමු.
449
00:36:47,617 --> 00:36:49,947
(ඇතුළු වීම තහනම්)
450
00:36:51,157 --> 00:36:52,917
ආයෙත් පාරක්, මට මුල ඉඳන් පටන් ගන්න වෙලා...
451
00:36:53,757 --> 00:36:55,157
මොකුත්ම නැතුව.
452
00:37:12,137 --> 00:37:14,577
මට හිතෙනවා අපිට ගල් මාළු දහයක්වත් අල්ලගන්න පුළුවන් වෙයි කියලා.
453
00:37:17,007 --> 00:37:18,917
දැන් ගල් මාළු කාලේ නෙවෙයි.
454
00:37:20,617 --> 00:37:22,387
එහෙමද?
455
00:37:22,847 --> 00:37:26,017
එහෙනම් ඔයාට මොනවා අල්ලන්නද ඕනේ?
456
00:37:28,687 --> 00:37:31,397
ගල් මාළුවෙක් වෙන්න ඇති, එතකොට මට ගල් අස්සේ ඉඳන් අඬන්න පුළුවන්.
457
00:37:35,997 --> 00:37:37,767
ගල් මාළුවා. ගල.
458
00:38:12,797 --> 00:38:15,907
එතකොට අපි ඉන්නේ නවකතාවක් ඇතුළේද.
459
00:38:24,717 --> 00:38:26,647
ඔයා වෙනත් ලෝකයකින් ආපු කෙනෙක්,
460
00:38:27,787 --> 00:38:29,317
සහ මේ කතාව ඉවර වුණාම,
461
00:38:30,547 --> 00:38:32,017
මේ ලෝකය නැති වෙලා යනවා?
462
00:38:33,957 --> 00:38:34,987
ඔව්.
463
00:38:36,557 --> 00:38:38,497
මේ වගේ ආදර කතා...
464
00:38:39,697 --> 00:38:42,067
සාමාන්යයෙන් ඉවර වෙන්නේ ප්රධාන චරිත දෙන්නා කසාද බැඳීමෙන්.
465
00:38:42,197 --> 00:38:44,897
ඒකද ඔයාට අපේ වෙඩින් එක පස්සට දාන්න ඕනේ?
466
00:38:46,037 --> 00:38:48,067
මේ ලෝකය නැති වෙන එක නවත්තන්නද?
467
00:38:59,777 --> 00:39:01,517
ඔයා හිතනවද මම ඕක විශ්වාස කරයි කියලා?
468
00:39:05,457 --> 00:39:06,957
මම දන්නවා ඒක විශ්වාස කරන්න අමාරුයි කියලා.
469
00:39:08,257 --> 00:39:09,627
හැබැයි ඒක තමයි ඇත්ත.
470
00:39:12,057 --> 00:39:14,297
මට ඕනේ හැමදාම ඔයා එක්ක ඉන්න,
471
00:39:15,097 --> 00:39:17,597
ඒත් ඔයා ගාව ඉන්න මම ගත්ත තීරණය නිසා...
472
00:39:18,537 --> 00:39:19,937
අපිව වෙන් වෙයි කියලා මට බයයි...
473
00:39:20,837 --> 00:39:21,837
මේ ලෝකය නැති වෙලා යනකොට.
474
00:39:39,317 --> 00:39:41,427
ඔයා කවුරු වුණත් මට ඒක වැඩක් නෑ...
475
00:39:43,957 --> 00:39:44,997
ඇත්තම චා සුන් චෙක් වුණත් නැතත්.
476
00:39:50,067 --> 00:39:52,037
ඔයාගේ හිතාගන්න බැරි නිර්භීතකම නිසා,
477
00:39:52,897 --> 00:39:54,907
ඔයා මගේ හිත දිනාගත්තා,
478
00:39:55,667 --> 00:39:58,377
මගේ ජීවිතයත් සදහටම වෙනස් වුණා.
479
00:40:00,007 --> 00:40:01,377
ඔයා මට තේරුම් කරලා දුන්නා...
480
00:40:01,777 --> 00:40:05,417
දෛවය කියන්නේ හදවතින්ම ඇති වෙන ආශාවකින් නිර්මාණය වුණ හාස්කමක් කියලා.
481
00:40:07,077 --> 00:40:08,917
- ඔයාට බෑ! - අහකට වෙන්න!
482
00:40:10,087 --> 00:40:12,587
මට දඬුවමක් වගේ දැනුණ ජීවිතයෙන් මිදිලා...
483
00:40:15,257 --> 00:40:17,257
ඔයා එක්ක අනාගතයක් ගැන හීන දකින්න පුළුවන් වුණා.
484
00:40:19,627 --> 00:40:20,927
මේ හැමදේම කරන්න පුළුවන් වුණේ...
485
00:40:21,797 --> 00:40:24,697
ඔයා මගේ ජීවිතයට ආපු නිසා.
486
00:40:26,697 --> 00:40:28,167
ඔයා මාව බේරගත්තා,
487
00:40:30,067 --> 00:40:31,237
ඒ වගේම එහෙම කරලා ඔයා මාව වෙනස් කළා.
488
00:40:37,647 --> 00:40:38,847
ඒකයි...
489
00:40:39,917 --> 00:40:41,447
මම විශ්වාස කරන, මම පිළිගන්න එකම කෙනා...
490
00:40:43,187 --> 00:40:45,357
මගේ ඉස්සරහා ඉන්න ඔයාම විතරක් වෙන්නේ.
491
00:40:47,657 --> 00:40:48,787
ලී සාමිතුමනි...
492
00:40:49,327 --> 00:40:51,157
මේ ලෝකය නැති වෙලා ගියත්,
493
00:40:53,557 --> 00:40:55,567
මම තෝරගන්නේ ඔයා එක්ක ඉන්නයි.
494
00:40:56,967 --> 00:41:00,137
මම අවසානය ගැන බය වෙන්නෙත් නැහැ,
495
00:41:01,107 --> 00:41:03,507
ඔයා මගේ ළඟ ඉන්නකම්.
496
00:41:06,177 --> 00:41:07,547
මම ඔයා ගැන විතරක්ම බලාගෙන ඉන්නම්,
497
00:41:10,447 --> 00:41:12,877
මට මුළු ලෝකයම වුණේ ඔයා.
498
00:41:27,997 --> 00:41:30,017
මංගල තෑගි පෙට්ටිය ගන්න!
499
00:41:30,097 --> 00:41:32,917
- මංගල තෑගි පෙට්ටිය ගන්න.\n- මංගල තෑගි පෙට්ටිය ගන්න.
500
00:41:32,997 --> 00:41:35,027
මංගල තෑගි පෙට්ටිය ගන්න!
501
00:41:35,107 --> 00:41:37,977
- මංගල තෑගි පෙට්ටිය ගන්න.\n- මංගල තෑගි පෙට්ටිය ගන්න.
502
00:41:38,237 --> 00:41:41,397
මේ පවුලේ මංගල තෑගි පෙට්ටිය ගන්න කවුරුත් නැතුව ඇති.
503
00:41:41,477 --> 00:41:43,377
සමහරවිට අපි වෙන පවුලක් හොයාගන්න ඕනේ.
504
00:41:45,117 --> 00:41:47,337
මංගල තෑගි පෙට්ටිය ගන්න!
505
00:41:47,417 --> 00:41:50,117
- මංගල තෑගි පෙට්ටිය ගන්න.\n- මංගල තෑගි පෙට්ටිය ගන්න.
506
00:41:52,257 --> 00:41:53,257
ආයුබෝවන්.
507
00:41:53,717 --> 00:41:54,877
කරුණාකරලා ඇතුළට එන්න.
508
00:41:54,957 --> 00:41:58,127
අපි ඔයාලා වෙනුවෙන් රස්නෙට මස් සහ රසවත් බීම ලෑස්ති කරලා තියෙන්නේ.
509
00:41:58,427 --> 00:41:59,427
ඒක කරන්න බැහැ.
510
00:41:59,627 --> 00:42:02,667
මම දැනටමත් ඇති වෙන්න මස් සහ බීම අරගෙන තියෙන්නේ.
511
00:42:03,497 --> 00:42:04,957
නිකන් බලන් ඉන්න එපා.
512
00:42:05,037 --> 00:42:06,887
පැදුර එලන්න.
513
00:42:06,967 --> 00:42:07,887
ඇත්තෙන්ම.
514
00:42:07,967 --> 00:42:08,967
දෙයියනේ.
515
00:42:09,467 --> 00:42:10,487
මොකක්...
516
00:42:10,567 --> 00:42:14,267
හරි. බඩ පිරිලා තියෙන නිසා ඒක දිරවගන්න,
517
00:42:14,347 --> 00:42:17,347
අපි ටිකක් හාන්සි වෙමු...
518
00:42:17,577 --> 00:42:19,697
සහ විවේක ගමු!
519
00:42:19,777 --> 00:42:21,717
දෙයියනේ. හැමෝම මාත් එක්ක එකතු වෙන්න.
520
00:42:22,247 --> 00:42:23,247
දෙයියනේ.
521
00:42:23,387 --> 00:42:25,577
මේක එච්චරම ඕනේ නැහැ.
522
00:42:25,657 --> 00:42:28,257
හාන්සි වෙන්න ඕනේ නැහැ.
523
00:42:29,927 --> 00:42:31,677
සහෝදරවරුනි, කරුණාකරලා.
524
00:42:31,757 --> 00:42:33,777
මීට වඩා හොඳට කරන්න බැරිද?
525
00:42:33,857 --> 00:42:35,517
- මොකක්?\n- එයා කියන එක හරි.
526
00:42:35,597 --> 00:42:37,557
ඔයාලට හයිය නැත්නම්, බුද්ධිය පාවිච්චි කරලා එයාලව පරද්දන්න බලන්න.
527
00:42:37,637 --> 00:42:39,287
- ඇයි උඹ...\n- මොකක් වෙයිද...
528
00:42:39,367 --> 00:42:41,287
මගේ සහෝදරයෝ නිසා මට කසාද බඳින්න බැරි වෙයිද?
529
00:42:41,367 --> 00:42:42,487
එහෙම වෙන්න බැහැ!
530
00:42:42,567 --> 00:42:43,737
- තාත්තේ.\n- තාත්තේ.
531
00:42:44,067 --> 00:42:46,497
අපිට පෙට්ටිය උස්සගෙන එන කෙනා ඇතුළට එන්න ඕනේ.
532
00:42:46,577 --> 00:42:48,547
මේකට මුළු රෑම යයි වගේ.
533
00:42:48,947 --> 00:42:50,227
- අදහන්නත් බැහැ.\n- තාත්තේ!
534
00:42:50,307 --> 00:42:52,777
- මොකක්?\n- අපිට අපේ රහස් ආයුධය ඕනේ.
535
00:42:54,147 --> 00:42:55,487
අපේ රහස් ආයුධය?
536
00:42:58,457 --> 00:42:59,457
බැහැ.
537
00:43:01,387 --> 00:43:02,687
තාත්තේ.
538
00:43:04,497 --> 00:43:05,497
කරුණාකරලා.
539
00:43:12,567 --> 00:43:15,007
දැන්වත් ඇතුළට එන්න.
540
00:43:15,937 --> 00:43:16,937
මේක...
541
00:43:17,337 --> 00:43:20,197
අවුරුදු 30කට වඩා පරණ වල් ජින්සෙන්ග් වයින් එකක්,
542
00:43:20,277 --> 00:43:21,807
පරම්පරාවෙන් පරම්පරාවට...
543
00:43:22,107 --> 00:43:24,067
අපේ පවුලේ පරම්පරා ගාණක් තිස්සේ ආපු එකක්.
544
00:43:24,147 --> 00:43:25,977
- මොකක්?\n- ඇත්තටම?
545
00:43:27,577 --> 00:43:28,787
වල් ජින්සෙන් වයින්?
546
00:43:33,857 --> 00:43:37,827
ඔය වල් ජින්සෙන් වයින් වලට අපි රැවටෙයි කියලා හිතුවද?
547
00:43:42,727 --> 00:43:44,867
එහෙනම්, මේක කොහොමද?
548
00:43:45,137 --> 00:43:48,307
වල් ජින්සෙන් වයින් වලින් හදපු කොක්ටේල් බොම්බ්ස් ටිකක් බොමුද?
549
00:43:49,437 --> 00:43:50,437
කොක්ටේල් බොම්බ්ස්?
550
00:43:50,537 --> 00:43:52,197
ඇතුළට එන්න,
551
00:43:52,277 --> 00:43:54,767
ඔයාලට අවස්ථාවක් ලැබෙයි...
552
00:43:54,847 --> 00:43:58,217
ඒ කාලේ ප්රසිද්ධ වෙලා තිබුණ කොක්ටේල් බොම්බ් එකේ රහ බලන්න.
553
00:44:02,017 --> 00:44:05,157
මටත් කොක්ටේල් බොම්බ්ස් ද?
554
00:44:07,287 --> 00:44:10,147
ඔව්, ඇත්තටම. මම දැන්ම ඇතුළට යන්න ඕනේ.
555
00:44:10,227 --> 00:44:11,477
කොක්ටේල් බොම්බ්ස්.
556
00:44:11,557 --> 00:44:14,617
- අපි ඇතුළට යමු. - යමු යමු.
557
00:44:14,697 --> 00:44:16,267
එන්න ඇතුළට.
558
00:44:20,437 --> 00:44:24,037
මේක ලී බුන් සහ චා සුන් චෙක් දෙන්නටම එකට මහලු වෙනකම් ඉන්න ලැබෙන්න කියලා කරන ප්රාර්ථනාවක්.
559
00:44:24,137 --> 00:44:28,727
ඒ වගේම, හැමෝටම දීර්ඝායුෂ ලැබෙන්න කියලා අපි වීදුරු ඔසවමු!
560
00:44:28,807 --> 00:44:31,377
- චියර්ස්. - චියර්ස්.
561
00:44:31,877 --> 00:44:35,767
අපි දකුණු පැත්තේ ඉඳන් වේව් එක පටන් ගමු.
562
00:44:35,847 --> 00:44:38,917
හැබැයි කවුරුහරි බොන්න බැහැ කිව්වොත්,
563
00:44:39,217 --> 00:44:41,357
අපි මුල ඉඳන්ම පටන් ගන්නවා.
564
00:44:41,627 --> 00:44:43,527
හරි, පටන් ගමු.
565
00:44:58,737 --> 00:45:00,007
දෙයියනේ.
566
00:45:14,557 --> 00:45:16,557
හරි. අපි පටන් ගමු.
567
00:45:19,827 --> 00:45:21,417
මස්සිනා, මේක පෞද්ගලික දෙයක් නෙවෙයි.
568
00:45:21,497 --> 00:45:22,487
- අපොයි. - අනේ නෑ.
569
00:45:22,567 --> 00:45:23,488
කියමනක් තියෙනවා...
570
00:45:23,568 --> 00:45:25,737
මේ නිලයට තලන එකෙන් ශක්තිය වැඩි වෙනවා කියලා.
571
00:45:25,897 --> 00:45:27,187
එකයි.
572
00:45:27,267 --> 00:45:29,137
එකයි!
573
00:45:29,367 --> 00:45:30,327
දෙයියනේ.
574
00:45:30,407 --> 00:45:34,107
මේ නිලයට තලන එකෙන් රුධිර සංසරණය හොඳ වෙනවා.
575
00:45:34,847 --> 00:45:35,997
දෙකයි!
576
00:45:36,077 --> 00:45:37,627
- අපොයි. - අනේ නෑ.
577
00:45:37,707 --> 00:45:39,797
- ඇත්තටමද? - කරුණාකරලා හෙමින් කරන්න.
578
00:45:39,877 --> 00:45:42,717
මේ නිලයට තලන එකෙන් ඇස් පෙනීම හොඳ වෙනවා.
579
00:45:43,017 --> 00:45:44,407
තුනයි.
580
00:45:44,487 --> 00:45:46,787
තුනයි!
581
00:45:47,157 --> 00:45:50,057
දැන්, අපි එයාට අපේ ආදරේ පෙන්වමු.
582
00:46:02,537 --> 00:46:05,007
එයාට ගහන්න එපා අයියේ!
583
00:46:05,377 --> 00:46:07,057
එයා කොහොමහරි පණ බේරගෙන ආවා විතරයි.
584
00:46:07,137 --> 00:46:09,107
මේකෙන් එයා මැරුණොත් මොකද කරන්නේ?
585
00:46:10,277 --> 00:46:13,317
සුන් චෙක්, අදවත් ඔයා මැද්දට පනින්න එපා.
586
00:46:13,577 --> 00:46:17,957
එයා කියන එක හරි සුන් චෙක්. අපි මේ ඔයාගේ මහත්තයට උදව් කරනවා විතරයි.
587
00:46:18,517 --> 00:46:19,557
සුන් චෙක්.
588
00:46:19,817 --> 00:46:21,877
මිනිස්සු ඔය තරම් ලේසියෙන් මැරෙන්නේ නෑ.
589
00:46:21,957 --> 00:46:23,787
ඔයා හිතන්නේ එහෙමද?
590
00:46:25,727 --> 00:46:29,027
ඔයාලා මට මුළු වතාවල් 35ක් ගැහුවා.
591
00:46:29,467 --> 00:46:32,897
පොඩ්ඩක් ඉන්න, ඔයා ඇත්තටම ගණන් කර කරද හිටියේ?
592
00:46:33,167 --> 00:46:35,107
අද මට ගහපු හැම වතාවකටම,
593
00:46:35,307 --> 00:46:38,377
ඔයාලට මගෙන් වෙන වෙනම බලාගන්න පුළුවන්.
594
00:46:41,207 --> 00:46:44,377
ඔයාලා තුන්දෙනාට පින් සිද්ධ වෙන්න මම ගොඩක් කල් ජීවත් වෙයි.
595
00:46:44,677 --> 00:46:46,817
ඒ නිසා අපි...
596
00:46:47,377 --> 00:46:48,387
එකිනෙකාගේ...
597
00:46:49,647 --> 00:46:50,647
ජීවිතවල කොටස්කාරයෝ වෙමු...
598
00:46:51,387 --> 00:46:52,687
ගොඩක් කාලයක් යනකම්.
599
00:46:54,957 --> 00:46:56,277
එයා කියපු දේ ඇහුණනේ. එයාගේ කකුල් පහළට දාන්න.
600
00:46:56,357 --> 00:46:58,097
හරි. මෙන්න.
601
00:46:58,897 --> 00:47:00,157
ඒක රිදෙන්න ඇති.
602
00:47:00,957 --> 00:47:01,967
දෙයියනේ.
603
00:47:03,467 --> 00:47:04,467
අදහන්නත් බෑ.
604
00:47:07,867 --> 00:47:09,167
මට ලී කියු ගැන ආරංචියක් තියෙනවා.
605
00:47:12,077 --> 00:47:14,607
එයාව පිටුවහල් කරන්න අරන් ගිය බෝට්ටුව...
606
00:47:15,007 --> 00:47:16,207
කුණාටුවකට අහු වෙලා...
607
00:47:16,947 --> 00:47:18,277
ගිලුණා.
608
00:47:25,687 --> 00:47:26,687
ඒකත්...
609
00:47:28,127 --> 00:47:30,227
එයාම තෝරගත්ත අවසානය තමයි ඒක.
610
00:47:33,327 --> 00:47:34,327
එහෙනම්,
611
00:47:35,067 --> 00:47:37,597
මගේ ඉරණම මොකක් වෙයි කියලද ඔයා හිතන්නේ?
612
00:47:38,037 --> 00:47:39,387
ඔයා...
613
00:47:39,467 --> 00:47:41,667
ලී කියුගේ දඬුවම ගැන ලොකු තීරණයක් ගත්ත නිසා,
614
00:47:43,477 --> 00:47:45,607
ඔයා හදන ලෝකය...
615
00:47:46,537 --> 00:47:47,677
දකින්න මම ආසාවෙන් ඉන්නවා.
616
00:48:19,777 --> 00:48:20,807
හැබැයි,
617
00:48:21,847 --> 00:48:23,717
මේ මොහොතේ ඉඳන්, මම ආයේ කවදාවත්...
618
00:48:25,317 --> 00:48:26,817
ඒ කඩුවේ බර උසුලන්නේ නැහැ.
619
00:48:37,297 --> 00:48:38,497
මම...
620
00:48:39,297 --> 00:48:41,467
මම කලින් මේක ඔයාට කියලා තියෙනවද කියලා මට මතක නැහැ.
621
00:48:46,737 --> 00:48:48,037
ඔයාට රිද්දපු එකට...
622
00:48:49,007 --> 00:48:51,307
ඒක ඔයා වගේ පොඩි කෙනෙක්ට දරාගන්න බැරි තරම් ලොකු වේදනාවක්.
623
00:48:52,977 --> 00:48:54,347
මම ඇත්තටම සමාව ඉල්ලනවා.
624
00:48:56,147 --> 00:48:57,917
ඔයාගේ මාමා විදිහට මම සමාව ඉල්ලනවා.
625
00:49:48,997 --> 00:49:51,397
- අපොයි. - අම්මෝ.
626
00:49:51,697 --> 00:49:53,827
- හරිම ලස්සනයි. - මොන තරම් ලස්සන මනාලියක්ද.
627
00:49:53,907 --> 00:49:57,407
- මටත් බලන්න දෙන්න. - හිතුවා වගේම අපේ මැණිකේ හරිම ලස්සනයි.
628
00:49:57,837 --> 00:50:00,367
- මට ඇඬෙනවා. - අනේ මන්දා.
629
00:50:00,447 --> 00:50:02,307
- එයා ලස්සන නැද්ද? - දෙයියනේ.
630
00:50:02,477 --> 00:50:04,297
- ඇස් නිලංකාර වෙනවා. - මනාලයත් හරිම කඩවසම්.
631
00:50:04,377 --> 00:50:06,437
- හරිම දීප්තිමත්. - එයා හරිම ලස්සනයි.
632
00:50:06,517 --> 00:50:08,767
- ඒකනේ. - මගේ අම්මෝ.
633
00:50:08,847 --> 00:50:10,457
මනාලයා හරිම වාසනාවන්තයෙක් වෙන්න ඇති.
634
00:50:11,787 --> 00:50:13,417
මට මනාලිය ගැන ඉරිසියයි.
635
00:50:13,557 --> 00:50:15,087
මොන තරම් සතුටු දවසක්ද.
636
00:50:15,227 --> 00:50:17,457
- කරුණාකරලා මේ පැත්තට එන්න. - එයා හරිම බැබළෙනවා.
637
00:51:04,237 --> 00:51:05,577
මොන තරම් ලස්සන මඟුල් ගෙදරක්ද.
638
00:51:16,447 --> 00:51:19,987
අලුත් මනාලිය විදිහට මම මේ මල් පොකුර විසි කරනවා.
639
00:51:20,387 --> 00:51:23,387
මේක අල්ලගන්න කෙනා තමයි ඊළඟට කසාද බඳින්නේ.
640
00:51:26,627 --> 00:51:28,727
- මම තමයි වැඩිමලා. - සන් චෙක්.
641
00:51:29,427 --> 00:51:30,737
ඔන්න මම විසි කරනවා.
642
00:51:33,067 --> 00:51:34,137
මේ පැත්තට.
643
00:52:04,397 --> 00:52:06,267
හ්වා සුන් මැණිකේ සතුටින් ඉන්නවා ඇති. බලන්නකෝ එයාගේ හිනාව.
644
00:52:20,317 --> 00:52:21,347
ස්වාමීනි.
645
00:52:22,847 --> 00:52:25,987
අපේ පළවෙනි රාත්රිය ආයෙත් සැරයක් ගත කරන්න මට ඉඩ දෙනවද?
646
00:52:27,487 --> 00:52:29,327
ඔයාට තියෙන හයිය, කිසිම ලැජ්ජාවක් නැහැනේ.
647
00:52:30,757 --> 00:52:32,127
ඔයා ඇත්තටම මගේ මනාලිය තමයි.
648
00:52:44,277 --> 00:52:46,277
- දෙයියනේ. - මොකක්ද?
649
00:52:51,047 --> 00:52:51,968
ස්වාමීනි!
650
00:52:52,048 --> 00:52:53,417
අහක බලාගන්න!
651
00:52:53,987 --> 00:52:55,287
අපොයි ස්වාමීනි.
652
00:52:58,857 --> 00:53:00,757
එපා.
653
00:53:00,857 --> 00:53:03,487
- අම්මෝ. - ගිහින් ඒක නවත්තන්න.
654
00:53:03,827 --> 00:53:06,227
- දැන්වත් ඕක නවත්තන්න. - සන් චෙක්.
655
00:53:06,557 --> 00:53:08,967
- අනේ මන්දා. - ඒක නවත්තන්න.
656
00:53:09,197 --> 00:53:10,437
දැන් ඇති.
657
00:53:21,177 --> 00:53:22,927
(ඒ විදිහට, ඒ දෙන්නා කතාවක සදාකාලික පිටු බවට පත් වුණා...)
658
00:53:23,007 --> 00:53:24,717
(එක්කෙනෙක් නැතුව අනිත් කෙනාට සම්පූර්ණ වෙන්න බැරි කතාවක්. අවසානය.)
659
00:53:28,417 --> 00:53:29,747
ඒක ඇත්තටම ඉවර වුණා.
660
00:53:33,187 --> 00:53:34,357
මෝ උම්!
661
00:53:36,227 --> 00:53:38,827
ටීම් ප්රොජෙක්ට් එකට කලින් මොනවා හරි කමු.
662
00:53:39,597 --> 00:53:42,397
ළඟ තියෙන අලුත් කෑම කඩේ දන්නවනේ? ඉක්මනට එන්න.
663
00:53:43,027 --> 00:53:44,467
හරි. මම දැන්ම එන්නම්.
664
00:53:57,747 --> 00:53:58,797
("ලෝඩ් ටයිරන්ට්ස් ඔබ්සෙසිව් ලව්" අතිරේක කතාව නිකුත් වුණා)
665
00:53:58,877 --> 00:54:02,187
ඒකට පස්සෙත් කතාව දිගටම යනවා.
666
00:54:03,187 --> 00:54:05,507
("Lord Tyrant's Obsessive Love" අතුරු කතාව නිකුත් වුණා)
667
00:54:05,587 --> 00:54:07,307
මරු. මම ඔයාව එක්කගෙන යනවා.
668
00:54:07,387 --> 00:54:08,747
- උඹ නම්... - මේක ගනින්.
669
00:54:08,827 --> 00:54:09,887
උඹ ඉවරයි දැන්.
670
00:54:10,897 --> 00:54:11,927
මෙන්න, මේක ගන්න.
671
00:54:12,697 --> 00:54:14,417
අපොයි, ඔයා ලේසි කෙනෙක් නෙවෙයිනේ.
672
00:54:14,497 --> 00:54:17,267
දෙයියනේ, මොකක්ද මේ කලබලේ?
673
00:54:18,137 --> 00:54:20,537
මුන් ඔක්කොම විනාශ කරනවා.
674
00:54:21,007 --> 00:54:24,277
හෙමින් කරන්න, හරිද? හෙමින් සෙල්ලම් කරන්න.
675
00:54:26,077 --> 00:54:28,607
ඔයා කරන්න ඕනෙ එයාලව නතර කරන එක මිසක් එයාලට එකතු වෙන එක නෙවෙයි.
676
00:54:29,007 --> 00:54:31,347
දෙයියනේ, ඔයාලා තුන්දෙනා ගැන මට පව් කියලා හිතෙනවා.
677
00:54:31,477 --> 00:54:34,207
අපි මේ එයාලව සතුටු කරනවා මිසක් අපේ සතුට බලනවා නෙවෙයි.
678
00:54:34,287 --> 00:54:36,017
ඒක කොහොමත් ලේසි වැඩක් නෙවෙයි.
679
00:54:36,517 --> 00:54:39,887
බලාගනිල්ලා මාමලාගේ ප්රහාරය!
680
00:54:45,357 --> 00:54:46,897
- සන් චෙක්. - නෑ, පොඩ්ඩක් ඉන්න.
681
00:54:47,097 --> 00:54:49,427
ඔයා ඇත්තටම ළමයි 12ක් හදන්නද හදන්නේ?
682
00:54:49,897 --> 00:54:52,637
හය දෙනෙක් ඉන්න එක මදිද?
683
00:54:53,037 --> 00:54:54,667
එන්නකෝ තාත්තේ.
684
00:54:55,207 --> 00:54:58,337
මේ තැන මෙච්චර කලබලකාරී වෙලා තියෙනවට ඔයා කැමති නැද්ද?
685
00:54:58,807 --> 00:55:01,447
ළමයි වැඩි වෙන තරමට සතුට වැඩියි, නේද?
686
00:55:02,507 --> 00:55:05,277
ඉක්මන් කරන්න. අනේ ඉක්මන් කරන්න.
687
00:55:05,617 --> 00:55:07,047
මම ඒක කරන්නම්.
688
00:55:08,417 --> 00:55:11,157
ආයෙත් හෝ සුන් දං වලට ගියොත් මොකද හිතෙන්නේ?
689
00:55:12,357 --> 00:55:13,717
ඔයා කියපු දේ මට හරියට ඇහුණේ නැහැ.
690
00:55:16,787 --> 00:55:19,397
මට ඒක කරන්න දෙන්න.
691
00:55:21,427 --> 00:55:24,567
නෑ. තාත්තා ඒක කරනවටයි මම කැමති.
692
00:55:26,197 --> 00:55:27,467
හරිම මුරණ්ඩු කෙල්ලෙක්.
693
00:55:31,877 --> 00:55:33,607
ඔය දඟ කොල්ලෝ ටික.
694
00:55:34,807 --> 00:55:35,877
ඔයාට තුවාල වුණේ නැහැනේ?
695
00:55:36,877 --> 00:55:37,877
දෙයියනේ.
696
00:55:39,077 --> 00:55:40,617
හරි එහෙනම්, මට බලන්න දෙන්න.
697
00:55:42,447 --> 00:55:44,057
මම කවදාවත් හිතුවේ නැහැ...
698
00:55:44,687 --> 00:55:46,987
අසමසම ලී සාමිවරයා තමන්ගේ දුවගේ කොණ්ඩේ ගොතනවා දකියි කියලා.
699
00:55:47,457 --> 00:55:49,627
ඔයා තව ගොඩක් කල් ජීවත් වෙන්න ඕනේ.
700
00:55:51,527 --> 00:55:53,797
මම වයසට ගියාම, මට ඕනේ හැමතැනම ඇවිදින්න...
701
00:55:54,527 --> 00:55:57,567
තනියම නිදහසේ ඉන්න.
702
00:56:00,837 --> 00:56:02,807
තදින් අල්ලගන්න.
703
00:56:03,667 --> 00:56:04,707
අල්ලගන්න.
704
00:56:05,807 --> 00:56:07,507
නෑ. තදින් අල්ලගන්න.
705
00:56:10,107 --> 00:56:11,267
මට විනාඩියක් දෙන්න.
706
00:56:11,347 --> 00:56:13,477
- අපි දැන් පිළිවෙළ වෙනස් කරමුද? - මගේ ස්වාමීනි!
707
00:56:17,487 --> 00:56:18,437
මෙන්න.
708
00:56:18,517 --> 00:56:20,827
- මේක රස පාටයි. - හොඳ පාටයි.
709
00:56:20,987 --> 00:56:22,077
කන්න.
710
00:56:22,157 --> 00:56:23,347
- ස්තූතියි. - ස්තූතියි.
711
00:56:23,427 --> 00:56:24,557
අපි යමු.
712
00:56:29,727 --> 00:56:31,867
ඔයා ආයෙත් ඇවිල්ලනේ, ලස්සන සාමිවරයා.
713
00:56:36,037 --> 00:56:39,307
නිතර නිතර හම්බවුණොත් විතරයි අපිට එකිනෙකා ගැන ආදරයක් ඇතිවෙන්නේ.
714
00:57:04,697 --> 00:57:06,567
කිසිම දෙයක් මතක තියාගන්න එපා...
715
00:57:08,407 --> 00:57:10,267
මේ නම විතරක් ඇරෙන්න.
716
00:57:14,847 --> 00:57:17,747
"චෝ යුන් ඒ?"
717
00:57:21,317 --> 00:57:23,547
ඔව්. ඒක හරි.
718
00:57:45,677 --> 00:57:49,507
(චෝ යුන් ඒ)
719
00:57:56,217 --> 00:57:57,457
ඔයාට අමතක වුණොත්,
720
00:57:58,357 --> 00:57:59,957
මම ආයෙත් කියලා දෙන්නම්.
721
00:58:04,657 --> 00:58:06,427
මම ඒකට ඇත්තටම කැමතියි.
722
00:58:11,537 --> 00:58:14,327
ඒ භයානක අනාවැකියේ තිබුණේ හැමදේම ඉවර වෙනවා කියලා...
723
00:58:14,407 --> 00:58:16,467
කතාව අවසන් වුණාට පස්සේ.
724
00:58:17,637 --> 00:58:19,607
හැබැයි, මම හොයාගත්තා ඒකෙන් අදහස් කළේ...
725
00:58:19,877 --> 00:58:22,547
අලුත් පරිච්ඡේදයක් පටන් ගන්න නම්, ඒ කතාව ඉවර වෙන්නම ඕනේ.
726
00:58:47,367 --> 00:58:49,267
මම අතෑරලා දාපු ජීවිතේ ඇතුළේ,
727
00:58:49,667 --> 00:58:51,307
ඔයා ප්රධාන නිළිය වුණා,
728
00:58:52,007 --> 00:58:53,277
ඒ ගැන මම ඔයාව අගය කරනවා.
729
00:58:54,607 --> 00:58:57,677
ඔයාගේ ඉස්සරහට තියෙන ජීවිතේ සාර්ථක වෙන්න කියලා මම හැමදාම ප්රාර්ථනා කරනවා.
730
00:58:58,247 --> 00:58:59,247
දැන්,
731
00:58:59,617 --> 00:59:02,387
- ඔයා තමයි ඔයාගේ කතාවේ වීරයා. - ඔයා තමයි ඔයාගේ කතාවේ වීරයා.
732
00:59:09,727 --> 00:59:10,727
දෙයියනේ.
733
00:59:11,597 --> 00:59:12,597
අම්මෝ.
734
00:59:21,307 --> 00:59:22,307
මගේ දෙයියනේ.
735
00:59:24,537 --> 00:59:25,937
මම වැඩිය මුකුත් කළෙත් නෑ,
736
00:59:26,477 --> 00:59:28,047
ඒත් දවස ඉවර වෙන්නත් ඇවිත්.
737
00:59:43,827 --> 00:59:46,297
අවසානය දැනගෙනත් ඒකට ආදරේ කරනවා.
738
01:00:04,117 --> 01:00:05,277
ඔයා කවද්ද ආපහු ආවේ?
739
01:00:13,587 --> 01:00:14,757
මට මතකවත් නෑ...
740
01:00:15,327 --> 01:00:17,657
අපි අන්තිමට...
741
01:00:18,397 --> 01:00:19,797
පෞද්ගලික මොහොතක් ගත කළේ කවද්ද කියලා.
742
01:00:22,097 --> 01:00:24,297
කවුරුහරි අපිව දැක්කොත්?
743
01:00:29,737 --> 01:00:32,777
එයාලා මුල ඉඳලම අපි දිහා බලාගෙන නෙවෙයිද හිටියේ?
744
01:00:54,897 --> 01:00:55,987
(Ever Web Novel)
745
01:00:56,067 --> 01:00:57,987
තමන්ගේ ඉරණමට අභියෝග කරන්න හයියක් තියෙන එක,
746
01:00:58,067 --> 01:01:00,737
අවසානය කලින්ම තීරණය වෙලා තිබුණත්,
747
01:01:01,237 --> 01:01:02,467
අපිට අවස්ථාවක් දෙනවා...
748
01:01:02,607 --> 01:01:06,197
අපේ සතුටුදායක කතා ඇතුළේ සදහටම හුස්ම ගන්න.
749
01:01:06,277 --> 01:01:07,947
(අපේ සතුටුදායක කතා ඇතුළේ සදහටම හුස්ම ගන්න)
750
01:01:12,047 --> 01:01:14,947
අපි දැන් ටිකක් තනියම ඉන්නයි යන්නේ.
751
01:01:15,887 --> 01:01:17,017
බාධා කරන්න එපා.
752
01:01:31,397 --> 01:01:34,407
(The First Night with the Duke කතාවට ආදරේ කළාට ස්තූතියි.)
753
01:01:36,007 --> 01:01:41,647
(The First Night with the Duke)
754
01:01:44,747 --> 01:01:47,377
(The First Night with the Duke, මම චා සුන් චෙක්.)
755
01:02:49,098 --> 01:02:51,278
පිටපත් කිරීම සහ කාලරාමු සැකසීම WEISSACHsubs වෙතින්.
756
01:02:52,278 --> 01:03:00,278
32 වන උපසිරැසි නිර්මාණය
♥ - ♥ - උපසිරැසි ගැන්වීම ලහිරු හෂාන් - ♥ - ♥
© w w w . s i n h a l a s u b t i t l e s . c c
757
01:03:00,578 --> 01:03:08,578
සිංහල උපසිරැසි ඩවුන්ලෝඩ් කරගන්න තියෙන හොඳම තැන
♥♥♥ w w w . s i n h a l a s u b t i t l e s . c c ♥♥♥